Skip to content

පටුනට යන්න

JW බ්‍රෝඩ්කාස්ටිං

Roku එකෙන් ඕඩියෝ වැඩසටහන්වලට ඇහුම්කන් දෙන්න

Roku එකෙන් ඕඩියෝ වැඩසටහන්වලට ඇහුම්කන් දෙන්න

Audio කියන කොටසේ සින්දු, නාට්‍ය, නාට්‍යමය ආකාරයට තියෙන බයිබල් කියවීම් ඇතුළු ඕඩියෝ වැඩසටහන් වර්ග කීපයක්ම තියෙනවා.

(සැලකිල්ලට ගන්න: ඔයාගේ Roku රිමෝට් එක මේ කොටසේ පෙන්නලා තියෙන රිමෝට් එකේ පින්තූරයට වඩා වෙනස් වෙන්න පුළුවන්.)

තියෙන ඕඩියෝ වැඩසටහන් වර්ග බලාගන්න home ස්ක්‍රීන් එකට ගිහින් Audio සිලෙක්ට් කරන්න. ඕඩියෝ වැඩසටහන්වලට ඇහුම්කන් දෙන්න පහත සඳහන් උපදෙස් අනුගමනය කරන්න.

 ඕඩියෝ වැඩසටහනකට ඇහුම්කන් දෙන්න

හැම පේළියකම තියෙන්නේ ඕඩියෝ වැඩසටහන් වර්ගයක්. පේළියට උඩින් ඒ ඕඩියෝ වැඩසටහන් වර්ගය මොකක්ද කියලා සඳහන් වෙනවා.

  • Up සහ Down: තවත් ඕඩියෝ වැඩසටහන් වර්ගයකට යන්න.

  • Left සහ Right: ඕඩියෝ වැඩසටහන් වර්ග යටතේ තියෙන්නේ මොන ඕඩියෝද කියලා බලන්න.

හයිලයිට් කරලා තියෙන වැඩසටහන සිලෙක්ට් කරන්න OK ඔබන්න. එතකොට ඔයාට Audio Program Details බලන්න පුළුවන්.

පහත සඳහන් ඔප්ෂන්වලින් එකක් තෝරන්න.

  • Resume: කලින් වතාවේ ඔයා ඕඩියෝ එක ඉවර වෙන කල් අහන්නේ නැතුව මඟ නතර කළා නම් විතරයි මේ ඔප්ෂන් එක පෙන්නන්නේ. මේ ඔප්ෂන් එක සිලෙක්ට් කළොත් ඔයා ඕඩියෝ එක නතර කරපු තැන ඉඳන් අහන්න පුළුවන්.

  • Play නැත්නම් Play From Beginning: ඕඩියෝ එක මුල ඉඳන් ප්ලේ කරන්න.

  • Play All in the Collection: ඔයා සිලෙක්ට් කරලා තියෙන ඕඩියෝ වැඩසටහන් වර්ගයේ තියෙන හැම ඕඩියෝ වැඩසටහනක්ම ප්ලේ කරන්න. හැම ඕඩියෝ වැඩසටහනක්ම ප්ලේ වුණාට පස්සේ ඕඩියෝ ප්ලේ වෙන එක නතර වෙනවා.

Audio Program Details යටින් තියෙන පේළියේ තියෙන්නේ ඔයා තෝරගෙන තියෙන ඕඩියෝ වැඩසටහන් වර්ගයට අයිති අනිත් ඕඩියෝ. ඒ පේළියට යන්න Down බට්න් එක ඔබන්න. Audio Program Detailsවලට ආයෙත් යන්න Up බට්න් එක ඔබන්න.

 ඕඩියෝ වැඩසටහන් වර්ගයක් යටතේ තියෙන ඕඩියෝවලට ඇහුම්කන් දෙන්න

ඔයාට ඕඩියෝ වැඩසටහනක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඕඩියෝ වැඩසටහන් වර්ගයක් යටතේ තියෙන හැම ඕඩියෝ එකක්ම අහන්නත් පුළුවන්. ඔයා අහන්න කැමති ඕඩියෝ වැඩසටහන් වර්ගය තෝරලා පහත සඳහන් ඔප්ෂන් එකක් තෝරගන්න.

  • Play All: වැඩසටහන් වර්ගයක් යටතේ තියෙන හැම ඕඩියෝ වැඩසටහනක්ම මුල ඉඳන්ම ප්ලේ වෙනවා.

  • Shuffle: වැඩසටහන් වර්ගයක් යටතේ තියෙන හැම ඕඩියෝ වැඩසටහනක්ම තැනින් තැන ප්ලේ වෙනවා.

ඕඩියෝ වැඩසටහනක් යටතේ තියෙන හැම ඕඩියෝ එකක්ම ප්ලේ වුණාට පස්සේ ඕඩියෝ ප්ලේ වෙන එක නතර වෙනවා.

 ඕඩියෝ එකේ ප්ලේ බට්න් එක පාවිච්චි කරන විදිහ

ඕඩියෝ වැඩසටහනක් ප්ලේ කරද්දී රිමෝට් එකේ ප්ලේ බට්න් එක මේ දේවල් කරන්න පාවිච්චි කරන්න පුළුවන්.

  • Play/Pause සහ OK: ඕඩියෝ එක පෝස් කරන්න. ඕඩියෝ එක ආයෙත් ප්ලේ කරන්න ඒ බට්න් එකම ඔබන්න.

  • Skip Forward: ඕඩියෝ එක තත්පර කීපයක් ඉස්සරහට යවන්න. ඕඩියෝ වැඩසටහන ඉස්සරහට යවන්න බට්න් එක ඔබාගෙනම ඉන්න. ඕඩියෝ එක ආයෙත් ප්ලේ කරන්න බට්න් එකෙන් ඇඟිල්ල අයින් කරන්න.

  • Skip Back: ඕඩියෝ එක තත්පර කීපයක් ආපස්සට යවන්න. ඕඩියෝ වැඩසටහන ආපස්සට නැත්නම් මුලට යවන්න බට්න් එක ඔබාගෙනම ඉන්න. ඕඩියෝ එක ආයෙත් ප්ලේ කරන්න බට්න් එකෙන් ඇඟිල්ල අයින් කරන්න.

  • Back: ආයෙත් Audio කියන තැනට යන්න.