Skip to content

රූපලාවණ්‍යය සහ ආභරණ ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

රූපලාවණ්‍යය සහ ආභරණ ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 රූපලාවණ්‍යය සහ ආභරණ ගැන බයිබලයේ ගොඩක් විස්තර නැති වුණත් ඒවා බයිබලයේ කොහේවත් හෙළා දැකලා නැහැ. ඒත් බාහිර අලංකාරයට වැඩි අවධානයක් දෙනවාට වඩා ‘කිසිදා දිරා නොයන තැන්පත් මෘදු ස්වභාවයක්’ ඇති කරගන්න කියලයි බයිබලයේ උනන්දු කරන්නේ.—1 පේතෘස් 3:3, 4.

රූපලාවණ්‍යය සහ ආභරණ හෙළා දැකලා නැහැ

  •   බයිබලයේ සඳහන් විශ්වාසවන්ත කාන්තාවන් රූපලාවණ්‍ය වර්ග සහ ආභරණ පාවිච්චි කළා. ඊසාක්ව විවාහ කරගත්ත රෙබෙකාත් ආබ්‍රහම්ගෙන් තෑගි හැටියට ලැබුණු නාස් ආභරණයක්, වළලු වගේම වෙනත් වටිනා ආභරණ පැළඳුවා. (උත්පත්ති 24:22, 30, 53) ඒ වගේම විශේෂ අවස්ථාවකට එස්තර්ව සූදානම් කරන්න යම් “සම්බාහන” කටයුතු කළා කියලා බයිබලයේ කියනවා. (එස්තර් 2:7, 9, 12) “සම්බාහනවලට අමතරව එස්තර්ට රූපලාවණ්‍ය සත්කාරත් ලැබෙන්න ඇති” කියලා එක පොතක සඳහන් වෙනවා. —New International Version; Easy-to-Read Version.

  •   වැදගත් අදහසක් ඉස්මතු කරන්නත් බයිබලයේ ආභරණ යොදාගෙන තියෙනවා. උදාහරණෙකට ප්‍රඥාවන්තයෙක් දෙන අවවාදවලට සවන් දෙන කෙනෙක් ඒ අවවාද සලකන්නේ ‘රන් කරාබුවක්, අනර්ඝ රන් ආභරණයක්’ වගේ කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 25:12) යෙහෝවා දෙවියන් එක අවස්ථාවකදී ඊශ්‍රායෙල්වරුන්ට ඔහු දක්වපු ආදරය සහ සැලකිල්ල කාවද්දන්න උදාහරණයක් පාවිච්චි කළා. ඔහු කිව්වේ ස්වාමිපුරුෂයෙක් තමන්ගේ භාර්යාවට වළලු, මාල සහ කරාබු පළඳවනවා වගේ ඔහුත් ඊශ්‍රායෙල් සෙනඟට ආදරෙන් සලකපු නිසා එයාලා ඉතා අලංකාර සෙනඟක් බවට පත් වුණා කියලයි.—එසකියෙල් 16:11-13.

රූපලාවණ්‍යය සහ ආභරණ ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: බයිබලයේ 1 පේතෘස් 3:3 ‘කොණ්ඩය ගෙතීම, රන් ආභරණවලින් සැරසී සිටීම’ හෙළා දැකලා තියෙනවා.

 ඇත්ත මේකයි: ඒ පදයෙන් කාවද්දන්න හදන්නේ බාහිර අලංකාරයට වඩා ඇතුළාන්ත අලංකාරය වැදගත් කියලයි. අවට පදවලින් ඒක හොඳින්ම තේරුම්ගන්න පුළුවන්. (1 පේතෘස් 3:3-6) ඒ අදහසම බයිබලයේ වෙනත් තැන්වලත් තියෙනවා.—1 සාමුවෙල් 16:7; හිතෝපදේශ 11:22; 31:30; 1 තිමෝති 2:9, 10.

 වැරදි මතය: දුෂ්ට යෙසබෙල් රැජින ‘ඇස් වටේ කලු අඳුන් ආලේප’ කරපු එකෙන් පැහැදිලි වෙනවා රූපලාවණ්‍ය ද්‍රව්‍ය ආලේප කරන එක වැරදියි කියලා.—2 රාජාවලිය 9:30.

 ඇත්ත මේකයි: මන්තර ගුරුකම් කරපු, මිනී මරපු යෙසබෙල් රැජිනට දඬුවම් ලැබුණේ එයා කරපු දුෂ්ට ක්‍රියා නිසා මිසක් එයාගේ පිටත පෙනුම නිසා නෙමෙයි.—2 රාජාවලිය 9:7, 22, 36, 37.