Skip to content

පීඩනයෙන් වැඩ කරන රෝහල් සේවකයන්ට සහනයක්

පීඩනයෙන් වැඩ කරන රෝහල් සේවකයන්ට සහනයක්

 බ්‍රයන් ඉන්නේ ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රෝහල් සබඳතා කමිටුවේ සේවය කරන කෙනෙක්. ලෙඩ වෙලා ඉස්පිරිතාලේ ඉන්න සාක්ෂිකරුවන්ව බලාගන්න එයාලා ගොඩක් මහන්සි වෙනවා.

 කොරෝනා වසංගතය නිසා හුඟක් රෝහල් බලධාරීන් අමුත්තන්ට ලෙඩ්ඩු බලන්න අවසර දුන්නේ නැහැ. ඒ නිසා බ්‍රයන් එයාගේ ගෙවල් පැත්තේ තියෙන රෝහලක රෝගීන්ගේ මානසික සුබසාධනය බලන අංශයේ අධ්‍යක්ෂකට කෝල් කෙරුවා. එයාට ඕනෙ වුණේ ලෙඩ වෙලා ඉස්පිරිතාලේ ඉන්න සාක්ෂිකරුවන් වෙනුවෙන් එයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවාද කියලා අහන්න.

 බ්‍රයන්ගේ කෝල් එක ගත්තේ ඒ අංශයේ සහකාර අධ්‍යක්ෂක. බ්‍රයන් ඇහුවා පවතින තහංචි නිසා එයාගේ දුරකතන අංකය රෝහල්ගත වෙලා ඉන්න සාක්ෂිකරුවන්ට දුන්නාට කමක් නැද්ද කියලා. ඇයි බැරි කියලා නිලධාරියා කිව්වා.

 ඊටපස්සේ රෝහල් කාර්යය මණ්ඩලය රෑ දවල් වෙන මහන්සිය ගොඩක් අගය කරලා හැමෝම හොඳින් ඉන්නවා ඇති නේද කියලා බ්‍රයන් සහකාර අධ්‍යක්ෂකගෙන් ඇහුවා. වසංගතය නිසා හැමෝම, විශේෂයෙන්ම රෝහල් සේවකයන් ඉන්නේ ලොකු පීඩනයකින් කියලා එයාට ආරංචි වුණා කියලත් එයා කිව්වා.

 සහකාර අධ්‍යක්ෂක කිව්වා කෝවිඩ් 19 නිසා රෝහල් සේවකයන් ඉන්නේ හිතාගන්න බැරි තරම් මානසික පීඩනයකින් කියලා.

 එතකොට බ්‍රයන් මෙහෙම කිව්වා. “පීඩනයෙන් ඉන්න අයට උදව් වෙන හොඳ තොරතුරු අපේ වෙබ් අඩවියේ තියෙනවා. මහත්මයා අපේ jw.org වෙබ් අඩවියට ගිහින් සොයන්න කියන තැන ‘මානසික පීඩනය’ කියලා ටයිප් කෙරුවොත් ස්ටාෆ් එකේ ඉන්න හැමෝටම උදව් වෙන ලිපි හොයාගන්න පුළුවන්.”

 කතා කරන ගමන් ඒ නිලධාරියා අපේ වෙබ් අඩවියට ගිහින් මුල් පිටුවේ උඩ සොයන්න කියලා තියෙන තැන “මානසික පීඩනය” කියලා ටයිප් කෙරුවා. එතන තියෙන ලිපි දැකලා එයාට “ෂා, නියමනේ!” කියලා කියවුණා. “මං මේක අධ්‍යක්ෂකට පෙන්නන්නම්. මේක අපේ ස්ටාෆ් එකට විතරක් නෙමේ අනිත් අයටත් වටිනවා. මං මේවා ප්‍රින්ට් කරලා බෙදනවා” කියලත් එයා කිව්වා.

 සති කිහිපයකට පස්සේ බ්‍රයන්ට අවස්ථාවක් හම්බුණා අධ්‍යක්ෂකට කතා කරන්න. කිහිපදෙනෙක්ම වෙබ් අඩවියට ගිහින් බැලුවා කියලත් මානසික පීඩනයට සම්බන්ධ තවත් ලිපි කිහිපයක් නර්ස්ලාටයි, රෝහලේ අනිත් සේවකයන්ටයි ප්‍රින්ට් කරලා දුන්නා කියලත් එයා කිව්වා.

 අන්තිමට බ්‍රයන් මෙහෙම කියනවා. “අසනීප අයව බලාගන්න අපි වෙන මහන්සිය ගැන අධ්‍යක්ෂක ගොඩක් ස්තුති කෙරුවා. ඒ ලිපි හොඳටම ලියලා තියෙනවා, ඒවා සෑහෙන්න උදව් වුණා කියලත් එයා කිව්වා.”