බෙතෙල් ටුවර්
අපේ ශාඛා කාර්යාල නරඹන්න එන්න කියලා අපි ඔයාලට ආදරයෙන් ආරාධනා කරන්න කැමතියි. සාමාන්‍යයෙන් ඒවා හඳුන්වන්නේ බෙතෙල් කියලා. සමහර ශාඛා කාර්යාලවල මඟ පෙන්වන්නෙක් නැතුව නරඹන්න පුළුවන් ප්‍රදර්ශන ශාලා තියෙනවා.
ටුවර්ස් ආයේ පටන්ගත්තා: 2023 ජූනි 1වෙනිදා ගොඩක් රටවල්වල තියෙන අපේ ශාඛා කාර්යාලවල ටුවර් ආයෙත් පටන්ගන්නවා. වැඩි විස්තර දැනගන්න ඔයා ටුවර් එකක් යන්න කැමති ශාඛා කාර්යාලය අමතන්න. ඔයාට කෝවිඩ් පොසිටිව් කියලා දැනගන්න ලැබුණොත් එහෙමත් නැත්නම් සෙම්ප්‍රතිශ්‍යාව, උණ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් එහෙමත් නැත්නම් මෑතකදී කෝවිඩ් පොසිටිව් වුණ කෙනෙක්ව ඇසුරු කරලා තියෙනවා නම් ටුවර් එක එන්න එපා කියලා කාරුණිකව ඉල්ලන්න කැමතියි.
ඕස්ට්‍රේලියාව
කාර්යාල නැරඹීමට වෙලාවක් වෙන් කරගැනීම
ප්‍රදර්ශන කුටි
ඵෙතිහාසික තොරතුරු ඇතුළත් ප්‍රදර්ශන ශාලාව. ඔස්ට්‍රලේසියාවේ දේශනා සේවය ටිකෙන් ටික දියුණු වුණ විදිහ ගැන මේ ප්‍රදර්ශන කුටියෙන් පෙන්නනවා.
වීඩියෝ නිෂ්පාදන සඳහා තියෙන ගොඩනැඟිලි සහ පසුතල. මඟ පෙන්වන්නෙක් එක්ක ටුවර් එකක් යද්දී ඔයාලට ’යේසුස්ගේ ජීවිත කතාව’ කියන වීඩියෝ මාලාව හදන විදිහ ගැනත් දැනගන්න පුළුවන්. ඒ වීඩියෝ මාලාව පටිගත කරන්න විශාල ප්‍රදේශයක් වෙන් කරලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ඊශ්‍රායෙල්වරුන්ගේ කාලේ වගේ ගොඩනැඟිලි සහ පසුතල හදලා තියෙනවා. කාර්යාලය බලන්න එන අයට පටිගත කිරීම්වලට බාධාවක් වෙන්නේ නැති විදිහට ඈතින් ඉඳන් ඒ ගොඩනැඟිලි බලන්න පුළුවන්.
ලිපිනය සහ ෆෝන් නොම්බරය