පසුගිය වසරෙන්
වඩ වඩා දීප්තිමත් වන ආලෝකය
අද ලෝකෙ හුඟක් අය ඉන්නේ අන්ධකාරයේ. එයාලට හොඳ මඟ පෙන්වීම් ලැබෙන්නේ නැහැ. ඒත් යෙහෝවා දෙවි හරි මඟ පෙන්වනවා කියලා තේරුම් අරගෙන ඉන්න නිසා අපි නිතරම දෙවිට යාච්ඤා කරන්නේ ‘ආලෝකය ලබා දී සත්‍ය මඟ’ අපිට පෙන්වන්න කියලයි. (ගීතා. 43:3) දෙවි හරි අවබෝධය ලබා දෙන නිසා අපේ මාවත් “අලුයම සිට මධ්‍යාහ්නය දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩි වන දීප්තිමත් ආලෝකය” වගේ. (හිතෝ. 4:18) ඒ නිසා සංවිධානයක් විදිහටත් ඉගැන්වීම් අතිනුත් අපි වඩ වඩා දියුණු වෙනවා. මෑත අවුරුදුවලදී අපේ අවබෝධය තවත් පැහැදිලි වෙලා තියෙන්නේ කොහොමද කියලා දැන් බලමු.