ගීතාවලිය 10:1-18
ל [ලාමෙද්]
10 අනේ යෙහෝවා, ඔබ මගෙන් ඈත් වෙලා ඉන්නේ ඇයි?
මගේ දුකේදී මට පිහිට වෙන්නේ නැත්තේ ඇයි?+
2 දුෂ්ටයෝ අහංකාරකමින් අසරණයා පස්සේ පන්නගෙන යයි.+ඒත් ඔවුන්ගේ දුෂ්ට උපායන්වලට ඔවුන්ම හසු වෙයි.+
3 දුෂ්ටයා ඔහුගේ වැරදි ආශාවන් ගැන පුරසාරම් දොඩයි.+ඔහු කෑදර අයට ආශීර්වාද කරයි.*נ [නුන්]ඔහු යෙහෝවාට අගෞරව කරයි.
4 උඩඟුකම නිසා දුෂ්ටයා දෙවියන්ව දැන හඳුන ගන්න කිසි උත්සාහයක් දරන්නේ නැහැ.“දෙවි කෙනෙක් නැහැ” කියලයි ඔහු හිතන්නේ.+
5 දෙවියනි, දුෂ්ටයා දිගින් දිගටම සාර්ථක වුණත්+ඔබේ නීති ඔහුට කවදාවත් තේරුම්ගන්න බැහැ.+ඔහුගේ සතුරන්ට ඔහු සමච්චල් කරයි.
6 “මම නම් කවදාවත් වැටෙන්නේ නැහැ.පරම්පරා ගාණක් ගත වුණත් මට කිසිම හානියක් වෙන්නේ නැහැ” කියලා ඔහු හිතනවා.+
פ [පේ]
7 ඔහුගේ කටින් පිට වෙන්නෙම බොරු, ශාප සහ තර්ජන.+ඔහුගේ දිව අග තියෙන්නේ හානිකර, හිත රිද්දන වදන්.+
8 ඔහු ගොදුරක් එන කල් ගම්බිම්වල මඟ රැකගෙන ඉඳියි.ඔහු හැංගිලා ඉඳලා අහිංසකයන්ව මරලා දායි.+
ע [ආයින්]
කිසිම හව්හරණක් නැති අයව අල්ලගන්න බලාගෙන ඉඳියි.+
9 සිංහයෙක් වගේ ඔහු හැංගිලා මඟ රැකගෙන ඉඳියි.+
ඔහු බලන් ඉන්නේ අසරණ කෙනෙක්ව අල්ලගන්නයි.
ඔහු දැලක් දාලා ඒ අහිංසකයාව අහු කරගනියි.+
10 අසරණයාව තළලා පොඩි කරලා බිමටම ඇදලා දානවා.පීඩාවට පත් වුණ අය දුෂ්ටයාගේ ග්රහණයට හසු වෙනවා.
11 “මං කරපු දේවල් දෙවියන්ට අමතක වෙලා!+
ඔහු අහක බලාගෙනයි ඉන්නේ!
ඔහුට මේවා පේන්නේ නැහැ”+ කියලා දුෂ්ටයා හිතනවා.
ק [කෝෆ්]
12 අනේ යෙහෝවා, නැඟිට+ ඔබේ මහත් බලය පෙන්වන්න.+
අසරණ අයව අමතක කරන්න එපා.+
13 දුෂ්ටයා දෙවියන්ට අගෞරව කරන්නේ ඇයි?
ඔහු හිතන්නේ “දෙවියන් මට කවදාවත් දඬුවම් කරන්නේ නැහැ” කියලයි.
ר [රේෂ්]
14 ඒත් මිනිසුන් විඳින දුක් කරදර ඔබට පේනවා.
ඔවුන්ට සහනයක් දෙන්න ඔබ බලාගෙන ඉන්නවා.+
අසරණයා පිහිට පතන්නේ ඔබෙන්.+පියා නැති දරුවාට උදව් කරන්නෙත් ඔබයි.+
ש [ෂින්]
15 දුෂ්ට, නපුරු කෙනාට තියෙන බලය නැති කරලා දාන්න.+ආයෙත් දුෂ්ටකම් කරන්න බැරි වෙන්නම ඔහුගේ බලය බිඳලා දාන්න.
16 යෙහෝවා සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරයි.+දුෂ්ටකම් කරන ජාතීන් පොළොවෙන් තුරන් වෙලා ගිහින්.+
ת [ටාව්]
17 යෙහෝවා දෙවියනි, ඔබ නිහතමානී අයගේ කන්නලව්වලට සවන් දෙනවා.+
ඔවුන්ගේ හිත් දිරිමත් කරලා+ ඔවුන්ට හොඳින් ඇහුම්කන් දෙනවා.+
18 ඔබ පියා නැති දරුවාටත් පීඩාවට පත් වුණ කෙනාටත් යුක්තිය ඉටු කරලා දෙනවා.+එතකොට දූවිල්ලෙන් හදපු මිනිසාට ආයේ කවදාවත් ඒ අයව බියගන්වන්න ලැබෙන්නේ නැහැ.+
පාදසටහන්
^ හෝ සමහරවිට, “කෑදර කෙනා තමන්ටම ආශීර්වාද කරගනියි.”