ගීතාවලිය 106:1-48
106 ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*
යෙහෝවාට ස්තුති කරන්න. මොකද ඔහු යහපත්.+ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+
2 යෙහෝවා කරලා තියෙන බලවත් ක්‍රියා මොන තරම්ද!ප්‍රශංසාව ලබන්න වටින ඔහුගේ ක්‍රියා කියලා නිම කරන්න බැහැ.ඒ හැම එකක්ම කියලා ඉවර කරන්න කාටවත් බැහැ.+
3 හැම වෙලාවෙම හරි දේ කරන,යුක්තිගරුකව වැඩ කරන අය සන්තෝෂවත්.+
4 යෙහෝවා දෙවියනි, ඔබේ සෙනඟට කරුණාව පෙන්වද්දී
මාව අමතක කරන්න එපා.+ මට ගැලවීම ලබා දීලා මාව රැකබලා ගන්න.
5 එතකොට ඔබ තෝරගත්ත සෙනඟ වෙනුවෙන් ඔබ කරන යහපත් දේවල් මටත් අද්දකින්න පුළුවන්.+ඔබේ සෙනඟ එක්ක සතුටු වෙන්නත්ඔබේ සෙනඟ* එක්ක එකතු වෙලා ඔබ ගැන ආඩම්බරයෙන් ප්‍රශංසා කරන්නත් මට පුළුවන්.
6 අපේ මුතුන්මිත්තන් වගේ අපිත් පව් කළා.+අපි හුඟක් වැරදි කරලා තියෙනවා. දුෂ්ට විදිහට වැඩ කරලා තියෙනවා.+
7 ඊජිප්තුවේ හිටපු අපේ මුතුන්මිත්තන්ඔබ කරපු පුදුම දේවල් අගය කළේ* නැහැ.
නිමක් නැති ඔබේ නොසැලෙන ආදරේ ඔවුන් අමතක කළා.රතු මුහුද ළඟදීත් ඔවුන් ඔබට විරුද්ධව කැරලිගැහුවා.+
8 ඒත් ඔබ ඔවුන්ව ගලවගත්තා.ඔබ එහෙම කළේ ඔබේ නම ගෞරවයට පත් කරන්නයි.+ඔබේ අතිමහත් බලය හැමෝටම දකින්න සලස්වන්නයි.+
9 දෙවියන් රතු මුහුදට අණ කළාම ඒක මැදින් වියළි පාරක් හැදුණා.කාන්තාරයක්* මැදින් අරන් යනවා වගේ ඔහු ඔවුන්ව ගැඹුරු මුහුද මැදින් අරන් ගියා.+
10 ඔවුන්ට වෛර කරන තැනැත්තාගේ අතින්දෙවියන් ඔවුන්ව බේරගත්තා.+සතුරාගෙන් ඔවුන්ව මුදවගත්තා.+
11 මහා ජල කඳ ඔවුන්ගේ සතුරන්ව යට කරලා දැම්මා.එක් කෙනෙක්වත් බේරුණේ නැහැ.+
12 ඊටපස්සේ ඔහුගේ පොරොන්දුව ගැන ඔවුන්ට විශ්වාසයක් ඇති වුණා.+ඔවුන් දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න පටන්ගත්තා.+
13 ඒත් ඔහු කරපු දේවල් ඉක්මනින්ම ඔවුන්ට අමතක වුණා.+ඔහුගෙන් මඟ පෙන්වීම් ලැබෙන කල් ඔවුන් බලාගෙන හිටියේ නැහැ.
14 පාළුකරයේදී ඔවුන් තමන්ගේ ආත්මාර්ථකාමී ආශාවන්ට ඔවුන්ව පාලනය කරන්න ඉඩ දුන්නා.+කාන්තාරයේදී ඔවුන් දෙවියන්ව සැක කළා.දෙවියන් ඔවුන්ව බලාගනියිද නැද්ද කියලා ඔවුන් පරීක්ෂා කළා.*+
15 ඔවුන් ඉල්ලපු දේ ඔහු ඔවුන්ට දුන්නා.ඒත් පස්සේ ඔහු ඔවුන්ට දරුණු රෝගයකින් පහර දුන්නා.ඒ රෝගය නිසා ඔවුන් දුර්වල වෙලා මැරිලා ගියා.+
16 කඳවුරේ ඉද්දී ඔවුන්ට මෝසෙස් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණා.යෙහෝවා පත් කරපු ශුද්ධ තැනැත්තා+ වුණ ආරොන්ටත් ඔවුන් ඊර්ෂ්‍යා කළා.+
17 පොළොව කට ඇරලා දාතාන්ව ගිලගත්තා.අබිරාම්ගේ පැත්තේ හිටිය හැම කෙනෙක්වමත් පොළොව වහගත්තා.+
18 ඒ අය අතරේ ගින්නක් ඇවිළුණා.ඒ ගින්න දුෂ්ටයන්ව විනාශ කරලා දැම්මා.+
19 හොරෙබ්වලදී ඔවුන් වස්සෙක්ගේ රූපයක් හදාගත්තා.ලෝහවලින්* හදපු රූපයක් ඉස්සරහා ඔවුන් වැඳ වැටුණා.+
20 තේජවත් දෙවියන් වන මට ගෞරව කරනවා වෙනුවටඔවුන් ගෞරවය දුන්නේ තණකොළ කන වස්සෙක්ගේ රූපයකට!+
21 ඊජිප්තුවේදී ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් කරලා+තමන්ව ගලවගත්ත දෙවියන්ව ඔවුන් අමතක කළා.+
22 හාම්ගේ දේශයේදී පුදුම දේවල් කරපු,+රතු මුහුදේදී ගරුබිය උපදවන දේවල් කරපු+ දෙවියන්ව ඔවුන් අමතක කළා.
23 දෙවියන් ඔවුන්ව විනාශ කරන්න කියලා අණ කරන්න හදද්දීමඔහු තෝරගත්ත තැනැත්තා වුණ මෝසෙස් ඔවුන් වෙනුවෙන් මැදිහත් වුණා.*දිගටම කේන්තියෙන් ඉඳලා ඔවුන්ව විනාශ කරන්න එපා කියලා මෝසෙස් කන්නලව් කළා.+
24 ඔවුන් සරුසාර දේශය හෙළා දැක්කා.+දෙවියන් දුන්න පොරොන්දුව ගැන ඔවුන්ට කිසි විශ්වාසයක් තිබුණේ නැහැ.+
25 ඔවුන් තමන්ගේ කූඩාරම්වලට වෙලා මැසිවිලි නැඟුවා.+යෙහෝවා දෙවියන් කියපු දේට අකීකරු වුණා.+
26 ඒ නිසා ඔවුන්ව පාළුකරයේදීම විනාශ කරනවා කියලා+දෙවියන් තමන්ගේ අත ඔසවලා දිවුරලා කිව්වා.
27 ඔවුන්ගෙන් පැවතෙන අයව වෙනත් දේශවලට විසුරුවාහරිනවා කියලත්+ඔවුන් ඒ ජාතීන් අතින් මැරුම් කනවා කියලත් ඔහු දිවුරලා කිව්වා.
28 ඔවුන් පෙයෝර්වල බාල් දෙවියාට නමස්කාර කළා.*+මිය ගිය අයට* ඔප්පු කරපු පූජා කෑමට ගත්තා.
29 ඔවුන්ගේ හැසිරීම නිසා දෙවියන්ගේ කෝපය ඇවිළුණා.+ඒ නිසා ඔවුන් අතරේ වසංගතයක් පැතිරිලා ගියා.+
30 ඒත් පිනෙහාස් ඉස්සරහට ඇවිත්අවශ්ය පියවර ගත්ත නිසා වසංගතය නතර වුණා.+
31 ඔහු කරපු දේ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවා.පරම්පරාවක් පරම්පරාවක් ගාණේ සදහටම දෙවියන් ඔහුව ඒ විදිහට සලකනවා.+
32 මෙරිබා* දිය පහර ළඟදී ඔවුන් දෙවියන්ව කේන්ති ගැස්සුවා.ඔවුන් නිසා මෝසෙසුත් කරදරේ වැටුණා.+
33 සෙනඟ මෝසෙස්ව කේන්ති ගැස්සුව නිසාඔහු හිතන්නේ බලන්නේ නැතුව අනුවණ විදිහට කතා කළා.+
34 යෙහෝවා දෙවියන් අණ කරපු විදිහට+ඔවුන් ඒ දේශයේ හිටපු ජාතීන්ව පන්නලා දැම්මේ නැහැ.+
35 ඔවුන් ඒ සෙනඟ එක්ක ඇසුරු කරලා+ඒ අය කරපු දේවල්ම කරන්න පටන්ගත්තා.*+
36 ඒ අය නමස්කාර කරපු රූපවලට නමස්කාර කළා.+ඒක ඔවුන්ව අහු කරගන්න දැලක් වගේ වුණා.+
37 ඔවුන් තමන්ගේ දූපුතුන්ව භූතයන්ට ඔප්පු කළා.+
38 අහිංසක දරුවන්ව ඔවුන් මරලා දැම්මා.+ඔවුන්ගෙම දූපුතුන්ව මරලා කානාන් දෙවිවරුන්ගේ රූප ඉස්සරහා පූජා කළා.+ඔවුන් හලපු ලේ නිසා මුළු දේශයම අපවිත්‍ර වුණා.
39 ඔවුන් කරපු දේවල් නිසා ඔවුනුත් අපවිත්‍ර වුණා.පිළිකුල්සහගත දේවල් කරමින් ඔවුන් දෙවියන්ට ද්‍රෝහි වුණා.*+
40 යෙහෝවාගේ කෝපය ඔහුගේ සෙනඟට විරුද්ධව ඇවිළුණා.ඔහු තමන්ගේ උරුමය වුණ ඔවුන්ව පිළිකුල් කරන්න පටන්ගත්තා.
41 ඒ නිසා දෙවියන් ඔවුන්ව වෙනත් ජාතීන්ගේ අතට නිතර නිතර හසු කරලා දුන්නා.+එහෙම කරලා ඔවුන්ගේ සතුරන්ට ඔවුන්ව පාලනය කරන්න ඉඩ දුන්නා.+
42 ඔවුන්ගේ සතුරන් ඔවුන්ව යටත් කරගෙන හිංසා පීඩා කළා.
43 හුඟක් අවස්ථාවලදී දෙවියන් ඔවුන්ව බේරගත්තත්+ඔවුන් දිගටම ඔහුට අකීකරු වෙලා ඔහුට විරුද්ධව කැරලිගැහුවා.+ඔවුන් කරපු වැරදි නිසා දෙවියන් ඔවුන්ව නින්දාවට පත් කළා.+
44 ඒත් ඔවුන් විඳින දුක් පීඩා ඔහු දැක්කා.+ඔවුන් අඬඅඬ උදව් ඉල්ලද්දී ඔහු ඔවුන්ට සවන් දුන්නා.+
45 ඔවුන්ගේ යහපත ගැන හිතලාඔහු ඔවුන් එක්ක ඇති කරගත්ත ගිවිසුම සිහි කළා.නිමක් නැති ඔහුගේ නොසැලෙන ආදරය නිසාඔවුන් ගැන ඔහුට ලොකු අනුකම්පාවක් දැනුණා.+
46 ඔවුන්ට අනුකම්පාවෙන් සලකන්න ඔවුන්ව වහල්කමට අරන් ගිය අයගේ සිත් ඔහු පෙලඹුවා.+
47 යෙහෝවා, අපේ දෙවියනි, අපිව බේරගන්න.+විවිධ ජාතීන් අතරට විසුරුවාහැරපු අපිව ආයෙත් එකතු කරන්න.+එතකොට ඔබේ ශුද්ධ නමට ප්‍රශංසා කරන්නත්සතුටින් ඔබව පසසන්නත්* අපිට පුළුවන්.+
48 ඊශ්‍රායෙලයේ දෙවි යෙහෝවාටසදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාව ලැබේවා!+
සියලුදෙනාම “ආමෙන්”* කියලා කියනු ලැබේවා!
ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*
පාදසටහන්
^ හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
^ මූ.අ., “උරුමය.”
^ හෝ, “තේරුම්ගත්තේ.”
^ හෝ, “පාළුකරයක්.”
^ හෝ, “දෙවියන් ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියලා පරීක්ෂා කළා.”
^ හෝ, “ලෝහ උණු කරලා.”
^ හෝ, “දෙවියන් ඔවුන්ට පහර දෙන්න හදද්දීම මෝසෙස් ඒ දෙගොල්ලෝ අතරට ආවා.”
^ හෝ, “බාල් දෙවියාට බැඳිලා හිටියා.”
^ ඒ කියන්නේ පණ නැති දෙවිවරුන්ට නැත්නම් මැරුණු අයට.
^ තේරුම, “රණ්ඩුව.”
^ හෝ, “පුරුදු වුණා.”
^ මෙතන කතා කරන්නේ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන එක ගැනයි. ඒ ද්‍රෝහිවීම හරියට කෙනෙක් අනාචාරයේ යෙදෙනවා වගෙයි.
^ හෝ, “ප්‍රශංසා කරලා සතුටක් ලබන්නත්.”
^ හෝ, “එසේම වේවා!”
^ හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.