ගීතාවලිය 108:1-13
දාවිත් රචනා කරපු ගීතයක්.
108 දෙවියනි, ඔබ ගැන මගේ හිතේ තියෙන විශ්වාසයපොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ.
මම මුළු හදවතින්ම ඔබට ගී ගයමින් සංගීතය වාදනය කරනවා.+
2 මම මගේ තත් භාණ්ඩයෙත් වීණාවෙත් හඬ අවදි කරනවා.+
මගේ ගී තනුවලින් අරුණාලෝකයත් අවදි කරනවා.
3 යෙහෝවා දෙවියනි, මම සෙනඟ අතරේ ඔබට ප්‍රශංසා කරනවා.ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී ගයනවා.*
4 මොකද ඔබේ නොසැලෙන ආදරේට නිමක් නැහැ.ඒක ස්වර්ගය දක්වාම නැඟ යනවා.+ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදිලා යනවා.
5 දෙවියනි, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලාස්වර්ගය පුරාම දකින්න සලස්වන්න!
ඔබේ තේජස පොළොව පුරාම විහිදුවන්න!+
6 එතකොට ඔබ ආදරේ කරන අයට බේරෙන්න පුළුවන් වෙයි.දෙවියනි, මට උත්තර දීලා ඔබේ දකුණතින් අපිව ගලවගන්න.+
7 ශුද්ධ දෙවියන්* මෙහෙම කිව්වා.
“මම හරිම සතුටින් සෙනඟට ෂීකෙම් නුවර+ උරුමයක් විදිහට දෙනවා.සුක්කොත් නිම්නය* බෙදලා දෙනවා.+
8 මනස්සේ වගේම ගිලියද්+ අයිතිත් මටයි.එෆ්‍රායිම් මගේ හිස්වැස්මයි.*+යූදා මගේ රාජ යෂ්ටියයි.+
9 මෝවබ් මං අත පය හෝදගන්න භාජනයයි.+
මං මගේ පාවහන් ගලවලා ඒදොම් දෙසට වීසි කරනවා.+
පිලිස්තිවරුන්ව පරද්දලා ජය ඝෝෂා නඟනවා.”+
10 බලකොටුවලින් වට වුණ නුවර අල්ලගන්න මට උදව් කරන්නේ කවුද?
ඒදොම් වෙන කල්ම මාව අරගෙන යන්නේ කවුද?+
11 අපේ දෙවියනි, ඒ දේ කරන්නේ ඔබයි.ඒත් ඔබ දැන් අපිව අත්හැරලා දාලා.කලින් වගේ ඔබ අපේ හමුදාවට උදව් කරන්න එන්නෙත් නැහැ.+
12 අනේ දෙවියනි, විපත්ති කාලේදී අපිට උදව් කරන්න.+මොකද මිනිසුන් අපිට ගැලවීම ලබා දෙයි කියලා විශ්වාස කරන එක නිෂ්ඵල දෙයක්.+
13 අපිට ශක්තිය ලබා දෙන්නේ අපේ දෙවියන්.+ඔහු අපේ සතුරන්ව පාගලා දානවා.+
පාදසටහන්
^ හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”
^ හෝ සමහරවිට, “දෙවියන් ඔහුගේ ශුද්ධස්ථානයේ ඉඳන්.”
^ හෝ, “තැනිතලාව.”
^ මූ.අ., “බලකොටුවයි.”