ගීතාවලිය 111:1-10
111 ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*+
א [ආලෙෆ්]
මගේ මුළු හදවතින්ම මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.+ב [බේත්]අවංක අය රැස් වෙලා ඉන්න තැනත් සභාව මැදත් මම ඔහුට ප්‍රශංසා කරනවා.
ג [ගීමෙල්]
2 යෙහෝවාගේ ක්‍රියා ශ්‍රේෂ්ඨයි.+ד [දාලෙත්]ඒ ක්‍රියාවලින් සතුටක් ලබන හැමෝම ඒවා හොඳින් හොයලා බලනවා.+
ה [හේ]
3 ඔහුගේ ක්‍රියාවලින් ඔහුගේ තේජසත් අලංකාරයත් හොඳින්ම පැහැදිලි වෙනවා.ו [වාව්]ඔහුගේ ධර්මිෂ්ඨකම හැමදාටම පවතිනවා.+
ז [ෂායින්]
4 ඔහුගේ ක්‍රියා පුදුමාකාරයි!ඒවා මිනිසුන්ගේ මතකයේ හැමදාටම රැඳෙනවා.+
ח [හෙත්]
යෙහෝවා අනුකම්පාව පෙන්වන, දයාන්විත කෙනෙක්.+
ט [ටේත්]
5 ඔහු තමන් ගැන ගරුබියක් තියෙන අයට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.+
י [යෝද්]
ඔහු ඇති කරගත්ත ගිවිසුම ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+
כ [කෆ්]
6 ඔහු තමන්ගේ බලවත් ක්‍රියා තම සෙනඟට දකින්න සැලැස්සුවා.ל [ලාමෙද්]ඔහු එහෙම කළේ වෙනත් ජාතීන්ට අයිති උරුමය ඔවුන්ට ලබා දීලයි.+
מ [මෙම්]
7 ඔහු කරන හැම දේම අවංකයි. සාධාරණයි.+נ [නුන්]ඔහුගේ අණපනත් සියල්ල විශ්වාසවන්තයි.+
ס [සාමෙක්]
8 ඒවා ගැන දැනුත් සදහටමත් විශ්වාසය තියන්න පුළුවන්.*ע [ආයින්]ඒවා හදලා තියෙන්නේ අවංකකම සහ ධර්මිෂ්ඨකම පදනම් කරගෙනයි.+
פ [පේ]
9 ඔහු තමන්ගේ සෙනඟව මුදවගත්තා.+
צ [ට්සාධේ]
තමන් ඇති කරගත්ත ගිවිසුම සදහටම පවතින්න කියලා ඔහු අණ කළා.
ק [කෝෆ්]
ඔහුගේ නම ශුද්ධයි. ගරුබිය ඇති කරවයි.+
ר [රේෂ්]
10 ප්‍රඥාව ලබාගන්න නම් කෙනෙක් මුලින්ම යෙහෝවාට ගරුබිය දක්වන්න ඕනේ.+
ש [සින්]
ඔහුගේ අණපනත් පිළිපදින හැමෝම හොඳ අවබෝධයකින් වැඩ කරනවා.+
ת [ටාව්]
ඔහු සදහටම ප්‍රශංසාව ලබන්න වටිනවා.
පාදසටහන්
^ හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
^ හෝ, “ස්ථිරව පිහිටුවලා තියෙනවා.”