ගීතාවලිය 112:1-10

  • ධර්මිෂ්ඨ අයට යෙහෝවා ගැන ගරුබියක් තියෙනවා

    • ත්‍යාගශීලීව දෙන කෙනා ඉන්නේ සතුටින් (5)

    • “ධර්මිෂ්ඨ කෙනා ගැන මතකය හැමදාටම තියෙනවා” (6)

    • ත්‍යාගශීලී කෙනා දුප්පත් අයට අදිමදි නොකර දෙනවා (9)

112  යාහ්ට ප්‍රශංසා කරන්න!*+ א [ආලෙෆ්] යෙහෝවා දෙවියන් ගැන ගරුබියක් තියෙන,+ב [බේත්]ඔහුගේ ආඥා පිළිපැදීමෙන් ලොකු සතුටක් ලබන කෙනා සන්තෝෂවත්.+ ג [ගීමෙල්]   ඒ කෙනාගෙන් පැවතෙන අය පොළොවේ බලවත් අය වෙයි.ד [දාලෙත්]අවංක අයගේ දරු මුනුපුරන්ට ආශීර්වාද ලැබෙයි.+ ה [හේ]   ඔහුගේ නිවස වටිනා දේවලිනුත් වස්තුවෙනුත් පිරිලා තියෙනවා.ו [වාව්]ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියා හැමදාටම පවතිනවා. ז [ෂායින්]   ඔහු අවංක අයට අන්ධකාරයේ බැබළෙන ආලෝකයක් වෙනවා.+ ח [හෙත්] ඔහු අනුකම්පාව පෙන්වන, දයාන්විත,+ ධර්මිෂ්ඨ කෙනෙක්. ט [ටේත්]   අගහිඟකම් තියෙන අයට ත්‍යාගශීලීව දෙන කෙනා ඉන්නේ සතුටින්.+ י [යෝද්] ඔහු හැම දෙයක්ම සාධාරණව කරනවා. כ [කෆ්]   ඔහුව කිසිදාක සොලවන්න බැහැ.+ ל [ලාමෙද්] ධර්මිෂ්ඨ කෙනා ගැන මතකය හැමදාටම තියෙනවා.+ מ [මෙම්]   ඔහු නරක ආරංචිවලට බය වෙන්නේ නැහැ.+ נ [නුන්] ඔහුගේ හිත ස්ථිරයි. ඔහු යෙහෝවාව විශ්වාස කරනවා.+ ס [සාමෙක්]   ඔහුගේ හිත සැලෙන්නේ නැහැ.* ඔහු කිසි දේකට බය වෙන්නෙත් නැහැ.+ע [ආයින්]අන්තිමේදී ඔහුගේ සතුරන් වැටිලා යද්දී ඔහු ඒක දකිනවා.+ פ [පේ]   තමන් ළඟ තියෙන දේවල් ඔහු අදිමදි නොකර* දෙනවා.දුප්පත් අයට ඇති තරම් දෙනවා.+ צ [ට්සාධේ] ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියා හැමදාටම පවතිනවා.+ ק [කෝෆ්] ඔහුට තියෙන බලය* තවත් වැඩි වෙයි. හැමෝම ඔහුට ගෞරව කරයි. ר [රේෂ්] 10  දුෂ්ටයා ඒක දැකලා කේන්ති ගනියි. ש [ෂින්] ඔහු තරහෙන් දත්මිටි කයි. අන්තිමේදී ඔහු නැති වෙලා යයි. ת [ටාව්] දුෂ්ටයාගේ ආශාවන් කවදාවත් ඉටු වෙන්නේ නැහැ.+

පාදසටහන්

හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “ඔහු ස්ථිර අධිෂ්ඨානයකින් ඉන්නවා.”
හෝ, “ත්‍යාගශීලීව.”
මූ.අ., “අඟ.”