ගීතාවලිය 113:1-9

  • ඉහළම තැන ඉන්න දෙවියන් අසරණ අයව නැඟිටුවනවා

    • යෙහෝවාගේ නමට සදහටම ප්‍රශංසාව ලැබෙනවා (2)

    • දෙවියන් පහතට නැමෙනවා (6)

113  යාහ්ට ප්‍රශංසා කරන්න!* යෙහෝවා දෙවියන්ගේ සේවකයෙනි, ඔහුව පසසන්න.යෙහෝවාගේ නමට ප්‍රශංසා කරන්න.   යෙහෝවාගේ නමටදැනුත් සදාකාලයටමත් ප්‍රශංසාව ලැබේවා!+   නැඟෙනහිර ඉඳන් බස්නාහිර වෙන කල්යෙහෝවාගේ නමට ප්‍රශංසාව ලැබේවා!+   යෙහෝවා සියලු ජාතීන්ට වඩා හුඟක් උසස්.+ඔහුගේ තේජස අහසටත් ඉහළින් නැඟ යනවා.+   ස්වර්ගයේ ඉහළම තැන ඉන්න*අපේ දෙවි යෙහෝවාට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?+   ඒත් ඔහු පහතට නැමිලා අහස දිහාත් පොළොව දිහාත් බලනවා.+   ඔහු අසරණයාව දූවිල්ලෙන් නැඟිටුවනවා. දුප්පතාව අළු ගොඩෙන්* ඔසවනවා.+   දෙවියන් එහෙම කරන්නේ ඔහුව වංශවත් අය එක්ක ඉන්දවන්නයි.තමන්ගේ සෙනඟ අතරේ ඉන්න ශ්‍රේෂ්ඨ අය එක්ක ඉන්දවන්නයි.   දෙවියන් වඳ ස්ත්‍රියට දරුවන්* දීලාඇගේ නිවසේ සතුටින් ඉන්න ඇයට අවස්ථාව දෙනවා.+ යාහ්ට ප්‍රශංසා කරන්න!*

පාදසටහන්

හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “සිංහාසනයේ ඉඳගෙන ඉන්න.”
හෝ සමහරවිට, “කුණු ගොඩෙන්.”
මූ.අ., “පුතුන්.”
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.