ගීතාවලිය 12:1-8
-
යෙහෝවා පියවර ගන්නවා
-
යෙහෝවාගේ වදන් පවිත්රයි (6)
-
සංගීත අධ්යක්ෂක වෙත. සංගීත භාණ්ඩය ෂෙමිනිත්වලට* මාරු කරන්න. දාවිත් රචනා කරපු ගීතයක්.
12 අනේ යෙහෝවා, මාව ගලවගන්න.මොකද ඔබට පක්ෂපාත කිසි කෙනෙක් ඉතුරු වෙලා නැහැ.විශ්වාසවන්තව ඉන්න එක් කෙනෙක්වත් හොයාගන්න නැහැ.
2 ඔවුන් එකිනෙකාට බොරු කියාගන්නවා.හිතේ එකක් තියාගෙන චාටු බස් දොඩනවා.+
3 යෙහෝවා චාටු කතා කියන අයව නිහඬ කරනවා.පුරසාරම් දොඩන අයගේ දිව කපලා දානවා.+
4 “කතාවෙන් අපිට ඕනෙම දෙයක් ජය ගන්න පුළුවන්.
අපි කැමති ඕනෙම දෙයක් කියන්න අපිට අයිතිය තියෙනවා.අපිව පාලනය කරන්න කාටවත් බැහැ” කියලා ඒ අය කියයි.+
5 ඒත් යෙහෝවා මෙහෙම කියනවා.
“දුෂ්ටයන් දුක් විඳින අයව පාගලා දාන හැටි මම දකිනවා.දුප්පතුන්ගේ දුක් ගැනවිලි මට ඇහෙනවා.+ ඔවුන්ව බේරගන්න මම පියවර ගන්නවා.ඔවුන්ට පහත් විදිහට සලකන අයගෙන් මම ඔවුන්ව ආරක්ෂා කරනවා.”
6 යෙහෝවාගේ වදන් පවිත්රයි.+ඒවා මැටි උදුනක රත් කරලා හත් වතාවක් පිරිසිදු කරපු රිදී වගේ පවිත්රයි.
7 යෙහෝවා දෙවියනි, ඔබ ඔවුන්ව බේරගන්නවා.+ඔබ ඒ එක් එක් කෙනාව මේ දුෂ්ට පරම්පරාවෙන් හැමදාටම ආරක්ෂා කරනවා.
8 දුෂ්ටයන් නිදැල්ලේ සැරිසරන්නේමිනිසුන් ඔවුන්ගේ පහත් ක්රියාවලට උල්පන්දම් දෙන නිසයි.+
පාදසටහන්
^ “පැහැදිලි කිරීමක්” බලන්න.