ගීතාවලිය 120:1-7

  • විදේශිකයෙක්ට සමාදානයෙන් ඉන්න තියෙන ආසාව

    • ‘රැවටිලිකාරයන්ගෙන් මාව බේරගන්න’ (2)

    • “මට ඕනෙ ඔවුන් එක්ක සමාදාන වෙන්න” (7)

කන්ද නඟිද්දී ගයන ගීයක්.* 120  මගේ විපතේදී මම යෙහෝවා දෙවියන්ට කන්නලව් කළා.+ඔහු මට උත්තර දුන්නා.+   අනේ යෙහෝවා, බොරුකාරයන්ගෙනුත්රැවටිලිකාරයන්ගෙනුත් මාව බේරගන්න.   රැවටිලිකාරයෙනි, ඔහු ඔබට මොනවා කරයිද?ඔහු ඔබට කොහොම දඬුවම් කරයිද?+   බලවන්තයෙක්ගේ තියුණු ඊ පහරවලිනුත්+දැවෙන ගිනි අඟුරුවලිනුත්*+ ඔහු ඔබට දඬුවම් කරයි.   අනේ, මං විඳින්නේ මොන තරම් දුකක්ද! මෙෂෙක්වල+ විදේශිකයෙක් විදිහටත්කේදාර්වල+ කූඩාරම් ගහගත්ත අය ළඟත් මට ජීවත් වෙන්නවෙලා.   සාමයට පොඩ්ඩක්වත් කැමති නැති අය එක්ක+මං ජීවත් වුණා දැන් හොඳටම ඇති!   මට ඕනෙ ඔවුන් එක්ක සමාදාන වෙන්න.ඒත් සමාදාන වෙන්න යද්දී ඔවුන් මාත් එක්ක සටනට එනවා.

පාදසටහන්

මූ.අ., “රොතෙම් දැවවල ගිනි අඟුරුවලිනුත්.” රොතෙම් කියන්නේ වියළි පළාත්වල වැඩෙන මිටි ගහක්.