ගීතාවලිය 122:1-9
දාවිත් රචනා කරපු, කන්ද නඟිද්දී ගයන ගීයක්.
122 “යෙහෝවාගේ ගෘහයට අපි යමු” කියලා
ඔවුන් මට කිව්වාම මට ලොකු සතුටක් දැනුණා.+
2 යෙරුසලම් නුවර,අපි දැන් ඔබේ දොරටුවලින් ඇතුල් වුණා.+
3 යෙරුසලම හොඳින් ගොඩනඟපු නුවරක්.ළඟ ළඟ ගෙවල් තියෙන, එකට බැඳුණ නුවරක්.+
4 යාහ්ට* අයිති ගෝත්රවල අය ඒ නුවරට නැඟ ගිහින්.ඒ අය, ඊශ්රායෙල් සෙනඟට දුන්න සිහිගැන්වීමට කීකරු වෙලා,යෙහෝවාගේ නමට ස්තුති ප්රශංසා කරන්න ඒ නුවරට ගිහින්.+
5 විනිශ්චය ආසන එහේ තියලා තියෙනවා.+ඒවා දාවිත්ගේ පෙළපතට අයිති අයගේ සිංහාසන.+
6 ජනයෙනි, යෙරුසලමට සාමය ඉල්ලලා යාච්ඤා කරන්න.+
යෙරුසලම, ඔබට ආදරේ කරන අයට සුරක්ෂිතව ඉන්න ලැබෙනවා.
7 ඔබේ පවුරු ඇතුළේ හැමදාම සමාදානය තිබේවා!ඔබේ බලකොටු ඇතුළේ ඉන්න හැමෝටම සුරක්ෂිතව ඉන්න ලැබේවා!
8 මගේ සහෝදරයන් සහ මිතුරන් වෙනුවෙන් මම මෙහෙම ඉල්ලනවා.
“යෙරුසලම, ඔබ තුළ හැමදාම සමාදානය තිබේවා!”
9 අපේ දෙවි යෙහෝවාගේ ගෘහයට මම හුඟක් ආදරෙයි.+ඒ නිසා ඔබට යහපතක් වෙන්න කියලා මම යාච්ඤා කරනවා.
පාදසටහන්
^ “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.