ගීතාවලිය 136:1-26

  • යෙහෝවාගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ

    • දක්ෂ විදිහට අහසත් පොළොවත් නිර්මාණය කළා (5, 6)

    • පාරාවෝ රතු මුහුදේදී මැරෙයි (15)

    • අධෛර්යය වෙලා ඉන්න අයව යෙහෝවාට මතකයි (23)

    • හැම ජීවියෙක්ටම ආහාර ලබා දෙනවා (25)

136  යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්න. මොකද ඔහු යහපත්.+ඔහුගේ ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+   දෙවිවරුන්ගෙත් දෙවියන්ට ස්තුති කරන්න.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.   ස්වාමිවරුන්ගෙත් ස්වාමීන්ට ස්තුති කරන්න.මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.   පුදුමසහගත දේවල් කරන්නේ ඔහු විතරයි.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+   ඔහු හරිම දක්ෂ විදිහට* අහස නිර්මාණය කළා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.   ඔහු මුහුදට ඉහළින් පොළොව පිහිටෙව්වා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.   ඔහු ප්‍රධාන ආලෝක වස්තූන් නිර්මාණය කළා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.   ඔහු දවාලට එළිය ලබා දෙන්න* සූර්යයාව නිර්මාණය කළා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.   ඔහු රාත්‍රියට එළිය ලබා දෙන්න* සඳත් තරුත් හැදුවා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 10  ඔහු ඊජිප්තුවේ කුලුඳුලන්ට පහර දුන්නා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 11  ඔහු ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවෙන් පිටතට ගෙනාවා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 12  ඔහුගේ අත දික් කරලා ඔහුගේ මහත් බලයෙන්+ ඔවුන්ව බේරගත්තා.මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 13  ඔහු රතු මුහුදේ වතුර දෙබෑ කළා.*+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 14  ඔහු ඊශ්‍රායෙල් ජාතියව ඒ මැදින් අරන් ගියා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 15  ඔහු පාරාවෝවත් ඔහුගේ හමුදාවත් රතු මුහුදට ගහගෙන යන්න සැලැස්සුවා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 16  ඔහු පාළුකරයේදී තමන්ගේ සෙනඟට මඟ පෙන්නුවා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 17  ඔහු බලවත් රජවරුන්ට පහර දුන්නා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 18  තේජවත් රජවරුන්ව ඔහු විනාශ කරලා දැම්මා.මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 19  ඔහු අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්ව+ විනාශ කළා.මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 20  බාෂාන්වල ඕග් රජවත්+ ඔහු විනාශ කළා.මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 21  ඔවුන්ට අයිති දේශය ඔහු තමන්ගේ සෙනඟට උරුමයක් විදිහට දුන්නා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 22  තමන්ගේ සේවකයා වුණ ඊශ්‍රායෙල්ට ඔහු ඒ දේශය උරුම කරලා දුන්නා.මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 23  අපි අධෛර්යය වෙලා ඉද්දී ඔහු අපිව අමතක කළේ නැහැ.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+ 24  දිගින් දිගටම අපේ සතුරන්ගේ අතින් ඔහු අපිව බේරගත්තා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 25  හැම ජීවියෙක්ටම ඔහු ආහාර ලබා දෙනවා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 26  ස්වර්ගය පාලනය කරන දෙවියන්ට ස්තුති කරන්න.මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

පාදසටහන්

හෝ, “නොසැලෙන ආදරේ.”
හෝ, “ප්‍රඥාවෙන්.”
මූ.අ., “දවාල පාලනය කරන්න.”
මූ.අ., “රාත්‍රිය පාලනය කරන්න.”
මූ.අ., “කොටස්වලට වෙන් කළා.”