ගීතාවලිය 142:1-7

  • පීඩා කරන අයගෙන් බේරගන්න කියලා ඉල්ලයි

    • “මට පලා යන්න පුළුවන් තැනකුත් නැහැ” (4)

    • “මට උදව් කරන්න ඉන්නේ ඔබ විතරයි” (5)

ගුහාවක හැංගිලා හිටපු කාලේ දාවිත් කරපු යාච්ඤාවක්.+ මස්කිල්.* 142  උදව් ඉල්ලලා මම යෙහෝවාට හඬගසනවා.+මට කරුණාව පෙන්වන්න කියලා මම යෙහෝවාට කන්නලව් කරනවා.   මගේ හිතට වධ දෙන හැම දේම මං හංගන්නේ නැතුව ඔහුට කියනවා.මගේ දුක ගැන දිගින් දිගටම ඔහුට කියනවා.+   මගේ ශක්තිය නැති වෙලා මං දුර්වල වෙලා ඉද්දීමං යන එන මඟ දිහා ඔබ බලන් ඉන්නවා.+ මං යන එන පාරේඔවුන් මට උගුලක් අටවලා.   මගේ දකුණු පැත්ත බලන්න.මං ගැන සැලකිලිමත් වෙන* කවුරුත් නැහැ.+ මට පලා යන්න පුළුවන් තැනකුත් නැහැ.+මං ගැන හොයලා බලන්න කිසි කෙනෙක් නැහැ.   අනේ යෙහෝවා, මං උදව් ඉල්ලන්නේ ඔබෙන්. මං ඔබට මෙහෙම කිව්වා. “මගේ රැකවරණය ඔබයි.+මේ ලෝකේ මට උදව් කරන්න ඉන්නේ ඔබ විතරයි.”*   දෙවියනි, මං උදව් ඉල්ලද්දී මට සවන් දෙන්න.මොකද මම ඉන්නේ හොඳටම අසරණ වෙලා. මට පීඩා කරන අයගෙන් මාව බේරගන්න.+මොකද ඔවුන් මට වඩා බලවත්.   මාව මේ අඳුරු සිරකුටියෙන් නිදහස් කරන්න.එතකොට මම ඔබේ නමට ප්‍රශංසා කරනවා. ඔබ මට ආදරෙන් සලකන නිසාධර්මිෂ්ඨ අය මාව වට කරගනියි!

පාදසටහන්

මූ.අ., “මාව අඳුරන.”
මූ.අ., “මගේ උරුමය ඔබයි.”