ගීතාවලිය 150:1-6
150 යාහ්ට ප්‍රශංසා කරන්න!*+
ඔහුගේ ශුද්ධ මාලිගාවේදී ඔහුට ප්‍රශංසා කරන්න.+
ඔහුගේ බලය කියාපාන අහස්තලය යට ඔහුට ප්‍රශංසා කරන්න.+
2 ඔහුගේ බලවත් ක්‍රියා ගැන ඔහුට ප්‍රශංසා කරන්න.+
ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය අතිමහත් නිසා ඔහුට ප්‍රශංසා කරන්න.+
3 හොරණෑව පිඹිමින් ඔහුට ප්‍රශංසා කරන්න.+
තත් භාණ්ඩය වාදනය කරමින්, වීණාව වයමින් ඔහුට ප්‍රශංසා කරන්න.+
4 රබන් ගසමින්+ සහ නටමින් ඔහුට ප්‍රශංසා කරන්න.
තත් භාණ්ඩ වාදනය කරමින්,+ බටනළාව පිඹිමින්+ ඔහුට ප්‍රශංසා කරන්න.
5 අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.
මහත් හඬකින්, අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.+
6 පණ ඇති සියල්ලෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න.
යාහ්ට ප්‍රශංසා කරන්න!*+
පාදසටහන්
^ හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
^ හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.