ගීතාවලිය 21:1-13
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීතයක්.
21 යෙහෝවා දෙවියනි, ඔබ දෙන ශක්තිය නිසා රජ ප්‍රීති වෙනවා.+ඔබ දෙන ගැලවීම නිසා ඔහුගේ හිත සතුටින් පිරිලා යනවා!+
2 ඔහුගේ හිතේ ආශාව ඔබ ඉටු කළා.+ඔහු ඉල්ලපු කිසිම දෙයක් ඔබ නොදී ඉඳලා නැහැ. (සීලාහ්)
3 ඔබ ඔහුට නිමක් නැතුව ආශීර්වාද කරනවා.පිරිසිදු රනින් හදපු ඔටුන්නක් ඔහුගේ හිස පැලඳුවා.+
4 ඔහු දීර්ඝායුෂ ඉල්ලුවාම ඔබ ඔහුට ඒක දුන්නා.+සදාකාලයෙන් සදාකාලයට ජීවත් වෙන්නත් ඔහුට අවස්ථාව දුන්නා.
5 ඔබ ඔහුව ගලවගත්ත නිසා ඔහු තේජසට පත් වෙනවා.+
ඔබ ඔහුව උසස් කරලා ගෞරවයට පත් කරනවා.
6 ඔබ ඔහුට සදහටම ආශීර්වාද කරනවා.+ඔබ ඔහු ළඟින්ම ඉන්න නිසා ඔහුගේ හිත සතුටින් පිරිලා යනවා.+
7 රජ විශ්වාසය තියන්නේ යෙහෝවා මතයි.+උසස්ම දෙවියන් පෙන්වන නොසැලෙන ආදරය නිසා ඔහුව කවදාවත් සොලවන්න බැහැ.+
8 ඔබේ සතුරන් හැමෝම ඔබේ අතට හසු වෙයි.ඔබට වෛර කරන අය ඔබේ දකුණතට හසු වෙයි.
9 ඔවුන්ට දඬුවම් කරන්න නියමිත කාලය එද්දීගිනි උදුනක දවලා දානවා වගේ ඔබ ඔවුන්ව විනාශ කරනවා.
යෙහෝවා කේන්තියෙන් ඔවුන්ව ගිල දානවා. ගින්නෙන් ඔවුන් දැවී යනවා.+
10 ඔබ ඔවුන්ගෙන් පැවතෙන අයව පොළොවෙන් තුරන් කරනවා.ඔවුන්ගේ පෙළපත මිනිසුන් අතරින් නැති කරලා දානවා.
11 මොකද ඔවුන් ඔබට විරුද්ධව නපුරු දේවල් කරන්න කුමන්ත්‍රණය කළා.+කවදාවත් සාර්ථක වෙන්නේ නැති දුෂ්ට දේවල් සැලසුම් කළා.+
12 ඔවුන්ගේ මූණට ඔබේ දුන්න ඉලක්ක කරගෙන ඉන්න නිසාඔවුන්ට පලා දුවන්න සිද්ධ වෙයි.+
13 යෙහෝවා දෙවියනි, නැඟිට ඔබේ බලය පෙන්වන්න.
අපි ඔබේ මහත් බලය ගැන ගී ගයමින්* ප්‍රශංසා කරනවා.
පාදසටහන්
^ හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරමින්.”