ගීතාවලිය 23:1-6
දාවිත් රචනා කරපු ගීයක්.
23 යෙහෝවා මගේ එඬේරායි.+
මට කිසි දේකින් හිඟයක් ඇති වෙන්නේ නැහැ.+
2 ඔහු සරු තණබිම්වල මට ලගින්න ඉඩහරිනවා.මට විවේකයෙන් ඉන්න සිසිල් දිය ගලා බහින තැන්වලට* මාව ගෙනියනවා.+
3 ඔහු මාව ප්රාණවත් කරනවා.+ ධර්මිෂ්ඨ මාවත්වල මාව එක්කන් යනවා.
එහෙම කරන්නේ ඔහුගේ නම ගෞරවයට පත් කරන්නයි.+
4 අඳුරු නිම්නයක් මැදින් ගමන් කළත්+මම කිසිම දේකට බය වෙන්නේ නැහැ.+මොකද ඔබ මාත් එක්කම ඉන්නවා.+ඔබේ කෙවිටත් සැරයටියත් නිසා මට ලොකු ආරක්ෂාවක් දැනෙනවා.*
5 මගේ සතුරන් ඉස්සරහා ඔබ මට කෑම මේසයක් පිළියෙල කරනවා.+
ඔබ මගේ හිසට තෙල් වක් කරන නිසා මට දැනෙන්නේ මොන තරම් සනීපයක්ද!+මගේ කුසලානය පිරිලා ඉතිරිලා ගිහින්.+
6 ඔබේ යහපත්කම, ඔබේ නොසැලෙන ආදරය මං හැම දවසකම අද්දකිනවා.+යෙහෝවා දෙවියනි, මගේ එකම ආශාව ජීවත් වෙන තාක් කල් ඔබේ ගෘහයේ ඉන්න එකයි.+