ගීතාවලිය 27:1-14
දාවිත් රචනා කරපු ගීතයක්.
27 මගේ ආලෝකයත්+ මගේ ගැලවීමත් යෙහෝවායි.
මං කිසිම කෙනෙක්ට බය නැහැ.+
මගේ බලකොටුවත් යෙහෝවායි.+
එහෙනම් ඇයි මං කාටවත් බය වෙන්නේ?
2 දුෂ්ටයෝ මගේ ඇඟට කඩා පැනලා මාව විනාශ කරන්න හදනවා.+ඒත් අන්තිමට වැටිලා ගියේ මාව නැති කරලා දාන්න හදපු ඒ සතුරන්මයි.
3 සේනාවක් මාව වට කරගත්තත්මගේ හිතට බයක් දැනෙන්නේ නැහැ.+
සතුරන් මට විරුද්ධව යුද්ධ කරන්න ආවත්දෙවියන් ගැන මට තියෙන විශ්වාසය බිඳෙන්නේ නැහැ.
4 මං යෙහෝවාගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි.ඒ, මගේ ජීවිතයේ හැම දවසකම යෙහෝවාගේ ගෘහයේ ඉන්න ඉඩ දෙන්න කියලයි.+දිනෙන් දින යෙහෝවාගේ යහපත* දකින්නත්ඔහුගේ මාලිගාව දිහා ලොකු අගයකින් බලන්නත් උදව් කරන්න කියලයි.+මගේ හිතේ තියෙන එකම ආශාව ඒකයි.
5 විපත්ති දවසේදී ඔහු තමන්ගේ ආරක්ෂිත ස්ථානයේ මාව සඟවනවා.+ඔහුගේ කූඩාරමේ රහස් තැනක මාව ආරක්ෂා කරනවා.+ඔහු මාව ඔසවලා උස් පර්වතයක් මුදුනේ තියනවා.+
6 දැන් මං ඉන්නේ මාව වට කරගෙන ඉන්න මගේ සතුරන්ට වඩා ඉහළින්.ඒ නිසා මම ප්‍රීති ඝෝෂා නඟමින් ඔහුගේ කූඩාරමේදී පූජා ඔප්පු කරනවා.ගී ගයමින්* යෙහෝවාට ප්‍රශංසා කරනවා.
7 අනේ යෙහෝවා, මං ඔබට අඬගහද්දී මට ඇහුම්කන් දෙන්න.+මට කරුණාව පෙන්වලා මට උත්තර දෙන්න.+
8 “මගේ මූණ දකින්න* උත්සාහ කරන්න” කියලා ඔබ කිව්ව දේ මගේ හිත මට මතක් කරනවා.
යෙහෝවා දෙවියනි, ඔබේ මූණ දකින්න මම අත් නෑර උත්සාහ කරනවා.+
9 අනේ දෙවියනි, ඔබේ මූණ මගෙන් ඉවතට හරවගන්න එපා.+
කේන්ති අරන් ඔබේ සේවකයාට ආපහු හැරිලා යන්න කියන්න එපා.
මගේ උදව්වට ඉන්නේ ඔබ විතරයි.+මට ගැලවීම ලබා දෙන දෙවියනි, මාව අත්හැරලා යන්න එපා. මාව තනි කරන්න එපා.
10 මගේ අම්මා තාත්තා මාව අත්හැරියත්+යෙහෝවා දෙවියන් මාව භාරගන්නවා.+
11 අනේ යෙහෝවා, ඔබේ මාර්ග ගැන මට උගන්වන්න.+ධර්මිෂ්ඨ මාවතේ මාව අරන් ගිහින් මගේ සතුරන්ගෙන් මාව ආරක්ෂා කරන්න.
12 මගේ සතුරන්ගේ අතට මාව අහු වෙන්න ඉඩ දෙන්න එපා.+මොකද බොරු සාක්ෂිකරුවෝ මට විරුද්ධව කතා කරනවා.+මට අනතුරක් කරනවා කියලා තර්ජනය කරනවා.
13 යෙහෝවාගේ යහපත්කම දකින්න ලැබෙනවා කියන විශ්වාසය මට තිබුණේ නැත්නම්අද මට මොනවා වෙලා තියෙයිද?*+
14 යෙහෝවා ගැන බලාපොරොත්තු තියාගන්න.+හිත ශක්තිමත් කරගන්න. ධෛර්යවත්ව ඉන්න.+
යෙහෝවා ගැන තියෙන බලාපොරොත්තුව කවදාවත් අත්හරින්න එපා.
පාදසටහන්
^ මෙතන කතා කරන්නේ යෙහෝවා මොන තරම් ප්‍රසන්න කෙනෙක්ද කියන එක සහ ඔහුගේ ලස්සන ගුණාංග ගැනයි.
^ හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරලා.”
^ හෝ, “මට ළං වෙලා මගේ කරුණාව ලබන්න.”
^ හෝ සමහරවිට, “මං මිය යන්න කලින් මට යෙහෝවාගේ යහපත්කම දකින්න ලැබෙනවා කියලා මට හොඳටම විශ්වාසයි.”