ගීතාවලිය 29:1-11
දාවිත් රචනා කරපු ගීතයක්.
29 බලවතුන්ගේ පුත්‍රයෙනි, යෙහෝවා දෙවියන්ට ලැබෙන්න ඕනෙ ගෞරවය දෙන්න.යෙහෝවාට තියෙන තේජස සහ බලය නිසා ඔහුට ප්‍රශංසා කරන්න.+
2 යෙහෝවාගේ නමට දෙන්න ඕනෙ ගෞරවය දෙන්න.
ශුද්ධ ඇඳුම්වලින් සැරසිලා* යෙහෝවා ඉදිරියේ වැඳ වැටෙන්න.
3 යෙහෝවාගේ හඬ ජල කඳට* ඉහළින් ඇසෙයි.තේජවත් දෙවියන්ගේ හඬ ගිගුරුම් දෙයි.+
යෙහෝවා ජල කන්දරාවන්ට ඉහළින් ඉඳන් ඒවාට අණ දෙයි.+
4 යෙහෝවා දෙවියන්ගේ හඬ ප්‍රබලයි.+යෙහෝවාගේ හඬ ගරුබිය ඇති කරවයි.
5 යෙහෝවාගේ හඬ දේවදාර ගස් දෙපළු කරයි.යෙහෝවා ලෙබනොන්වල+ දේවදාර ගස් සුනුවිසුනු කරයි.
6 ඔහු නිසා ලෙබනොන්* වහු පැටියෙක් වගේ පැනපැන යයි.ඔහු සිරියොන් කන්ද+ කුළු හරකෙක් වගේ දුව පැන යන්න සලස්වයි.
7 යෙහෝවා දෙවියන් කතා කරද්දී අකුණු සැර විහිදෙයි.+
8 යෙහෝවාගේ හඬට පාළුකරය දෙදරුම් කයි.+යෙහෝවා කාදෙෂ් පාළුකරය දෙදරුම් කන්න සලස්වයි.+
9 යෙහෝවාගේ හඬට බය වෙලා මුවදෙනුන් පැටවුන් බිහි කරයි.වනාන්තර පාළු වෙලා යයි.+
දේවමාලිගාවේ ඉන්න හැමෝම “දෙවියන්ට ගෞරවය ලැබේවා” කියලා කෑගසයි.
10 යෙහෝවා ඔහුගේ සිංහාසනය මහා ජල කන්දරාවට* ඉහළින් පිහිටෙව්වා.+යෙහෝවා සිංහාසනයේ ඉඳගෙන සදහටම රජකම් කරනවා.+
11 යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට ශක්තිය ලබා දෙනවා.+
සාමයෙන් ජීවත් වෙන්න යෙහෝවා ඔහුගේ සෙනඟට ආශීර්වාද කරනවා.+
පාදසටහන්
^ හෝ සමහරවිට, “ඔහු ශුද්ධකමින් බැබළෙන නිසා.”
^ පේන විදිහට මෙතන කතා කරන්නේ වැහි වලාවන් ගැනයි.
^ පේන විදිහට මෙතන කතා කරන්නේ ලෙබනොන් කඳුවැටිය ගැන.
^ හෝ, “අහසේ තියෙන ජල කන්දරාවට.”