ගීතාවලිය 3:1-8
දාවිත් ඔහුගේ පුතා අබ්සලොම්ගෙන් පලා යද්දී රචනා කරපු ගීතයක්.+
3 යෙහෝවා දෙවියනි, මට මේ තරම් සතුරෝ ඉන්නේ ඇයි?+
මේ තරම් පිරිසක් මට විරුද්ධව නැඟී ඉන්නේ ඇයි?+
2 හුඟදෙනෙක් මං ගැන කියන්නේ
“දෙවියන් එයාව බේරගන්නේ නැහැ”+ කියලයි. (සීලාහ්)*
3 ඒත් යෙහෝවා දෙවියනි,මට හැම පැත්තකින්ම ආරක්ෂාව දෙන පලිහ ඔබයි.+මගේ ගෞරවය ඔබයි.+ මට ධෛර්යය දෙන්නෙත් ඔබයි.+
4 මම හඬ නඟලා යෙහෝවාට කතා කරනවා.ඔහුගේ ශුද්ධ කන්දේ+ ඉඳන් ඔහු මට උත්තර දෙනවා. (සීලාහ්)
5 මම සුවෙන් නිදාගන්නවා.කිසි කරදරයක් නැතුව ආයෙත් අවදි වෙනවා.මොකද යෙහෝවා මාව රැකබලා ගන්නවා.+
6 විරුද්ධකාරයන් දසදහසක් මාව වැටලුවත්මට බයක් දැනෙන්නේ නැහැ.+
7 අනේ යෙහෝවා, නැඟිට මගේ උදව්වට එන්න!
මගේ දෙවියනි, මාව බේරගන්න!+මගේ සතුරන්ගේ හකු බිඳලා දාන්න.දුෂ්ටයන්ගේ දත් කඩලා දාන්න.+
8 යෙහෝවා දෙවියනි, ගැලවීම දෙන්නේ ඔබයි.+
ඔබේ සෙනඟට ඔබේ ආශීර්වාදය ලැබෙයි. (සීලාහ්)
පාදසටහන්
^ “පැහැදිලි කිරීමක්” බලන්න.