ගීතාවලිය 39:1-13

  • ජීවිතේ හරිම කෙටියි

    • මිනිසාගේ ජීවිතේ හුස්ම පොදක් වගේ (5, 11)

    • “මං කඳුළු සලද්දී අහක බලන් ඉන්න එපා” (12)

සංගීත අධ්‍යක්ෂක වෙත. යෙදූතුන්.*+ දාවිත් රචනා කරපු ගීතයක්. 39  “වචනෙකින්වත් පව් නොකරන්න මම අදිටන් කරගෙන ඉන්නවා.+ඒ නිසා මං තියන පියවර ගැන මං පරෙස්සම් වෙනවා. දුෂ්ටයෙක් මගේ ඉස්සරහා ඉන්න තාක් කල්මං කටකලියාවක් දාගෙන ඉන්නවා”+ කියලා මං කිව්වා.   මම කතා නොකර නිහඬව හිටියා.+හොඳ දෙයක් ගැනවත් මං කතා කළේ නැහැ.ඒත් මගේ හදවතට දැනුණ වේදනාව මට දරාගන්න බැරි වුණා.   මගේ හදවත දැවෙමින් තිබුණා. වුණ දේ ගැන හිතන්න හිතන්න* ගින්න තවත් ඇවිළුණා. ඒ නිසා මං මෙහෙම කිව්වා.   “අනේ යෙහෝවා, මගේ ජීවිතේ අවසන් වෙන්නේ කොහොමද කියලත්මට ජීවත් වෙන්න තව කොච්චර දවසක් තියෙනවාද කියලත් තේරුම්ගන්න මට උදව් කරන්න.+එතකොට මගේ ජීවිතේ කොයි තරම් කෙටිද කියලා තේරුම්ගන්න මට පුළුවන් වෙයි.   ඔබ මට ජීවත් වෙන්න දෙන්නේ ටික කාලයකට විතරයි.*+මගේ මුළු ආයු කාලයම ඔබට සුළු මොහොතක් වගෙයි.+ මිනිසුන් කොයි තරම් සුරක්ෂිතව හිටියත්ඔවුන්ගේ ජීවිත නිකම්ම නිකම් හුස්ම පොදක් වගෙයි.+ (සීලාහ්)   මිනිසාගේ ජීවිතේ ගෙවිලා යන්නේ සෙවණැල්ලක් වගෙයි. ඔවුන් නිකරුණේ එහේ මෙහේ දුවනවා.* වස්තු රැස් කළත් ඒවා කාට උරුම වෙයිද කියලවත් ඔවුන් දන්නේ නැහැ.+   යෙහෝවා දෙවියනි, එහෙනම් මම දැන් බලාපොරොත්තු තියන්නේ මොනවා මතද? මගේ එකම බලාපොරොත්තුව ඔබයි.   මගේ හැම වරදකින්ම මාව නිදහස් කරන්න.+ මට නින්දා කරන්න අනුවණ කෙනාට ඉඩ දෙන්න එපා.   මම නිහඬව හිටියා.කිසිම දෙයක් නොකියා කට පියාගෙන හිටියා.+මොකද මේ හැම දෙයක්ම වෙන්න ඉඩහැරලා තියෙන්නේ ඔබයි.+ 10  අනේ, ඔබ මට විඳින්න දුන්න පීඩාව මගෙන් අයින් කරන්න. ඔබ මට දීපු දඬුවම නිසා මං හොඳටම හෙම්බත් වෙලා. 11  මිනිසෙක් වරදක් කළාම ඔබ ඔහුට දඬුවම් කරලා ඔහුව නිවැරදි කරනවා.+කාවෙක් දේවල් කාලා දානවා වගේ ඔහු ප්‍රිය කරන දේවල් ඔබ විනාශ කරලා දානවා. මිනිසාගේ ජීවිතේ නිකම්ම නිකම් හුස්ම පොදක් වගෙයි.+ (සීලාහ්) 12  අනේ යෙහෝවා, මං යාච්ඤා කරද්දී ඇහුම්කන් දෙන්න.මං උදව් ඉල්ලලා කන්නලව් කරද්දී මට සවන් දෙන්න.+ මං කඳුළු සලද්දී අහක බලන් ඉන්න එපා. මොකද මං ඔබ ඉස්සරහා ඉන්නේ විදේශිකයෙක් වගෙයි.+මගේ මුතුන්මිත්තන් වගේ මාත් ටික කාලෙකට ඇවිත් යන අමුත්තෙක් විතරයි.+ 13  දෙවියනි, මං දිහා කේන්තියෙන් බලන්න එපා.එතකොට මැරෙන්න කලින් මට ටිකක් හරි සතුටින් ඉන්න පුළුවන්.”

පාදසටහන්

හෝ, “සුසුම්ලද්දී.”
හෝ, “ඔබ මගේ ජීවිතේ දවස් ඔබේ එක වියතකින් මැන්නා.”
මූ.අ., “කෑගහනවා.”