ගීතාවලිය 47:1-9

  • මුළු පොළොවේම රජු දෙවියන්

    • “යෙහෝවා ගරුබිය ඇති කරවන දෙවි කෙනෙක්” (2)

    • දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න (6, 7)

සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+ 47  සියලු ජනයෙනි, අත්පොළසන් දෙන්න! දෙවියන්ට සතුටින් ජය නාද නඟන්න!   මොකද උසස්ම දෙවියන් වන යෙහෝවාගරුබිය ඇති කරවන දෙවි කෙනෙක්.+මුළු පොළොවේම ශ්‍රේෂ්ඨ රජ ඔහුයි.+   දෙවියන් ජනයාව අපිට යටත් කරලා දෙනවා.ඔහුගේ උදව්වෙන් අපි ජාතීන්ව පාගලා දානවා.+   අපිට අයිති උරුමය තෝරලා දෙන්නේ දෙවියන්.+දෙවියන් ආදරේ කරන යාකොබ්ට අයිති වටිනාම සම්පතයි ඔහු අපිට දෙන්නේ.+ (සීලාහ්)   ජනයා ප්‍රීති ඝෝෂා නඟද්දී දෙවියන් ඉහළට නඟිනවා.හොරණෑ හඬ මැද්දේ යෙහෝවා නැඟ යනවා.   දෙවියන්ට ගී ගයන්න.* ප්‍රශංසා ගී ගයන්න. අපේ රජට ගී ගයන්න. ප්‍රශංසා ගී ගයන්න.   මොකද මුළු පොළොවේම රජ ඔහුයි.+ප්‍රශංසා ගී ගයන්න. අවබෝධයෙන් වැඩ කරන්න.   දෙවියන් ජාතීන්ගේ රජ විදිහට පත් වෙලා.+ ඔහු තමන්ගේ ශුද්ධ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.   ජනයාව පාලනය කරන නායකයන් රැස් වෙලා.ඔවුන් රැස් වෙලා ඉන්නේ ආබ්‍රහම්ගේ දෙවියන්ට අයිති සෙනඟ ඉන්න තැනමයි. මොකද පොළොවේ පාලකයන් ඉන්නේ* දෙවියන් යටතේ.දෙවියන් ඉන්නේ හැමෝටම වඩා ඉහළින්.+

පාදසටහන්

හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”
මූ.අ., “පලිස් තියෙන්නේ.”