ගීතාවලිය 48:1-14

  • සියොන් ශ්‍රේෂ්ඨ රජුගේ නුවරයි

    • පොළොවේ ඉන්න හැමෝගෙම සතුටට හේතුව (2)

    • නුවර සහ ඒකේ බලකොටු දිහා හොඳින් බලන්න (11-13)

කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+ 48  යෙහෝවා ශ්‍රේෂ්ඨයි. ඔහු හැම කෙනෙක්ගෙම ප්‍රශංසාව ලබන්න වටින දෙවි කෙනෙක්.අපේ දෙවියන්ගේ නුවරේදී, ඔහුගේ ශුද්ධ කන්දේදී ඔහුට ප්‍රශංසා ලැබේවා!   ඉහළින්ම පේන්න තියෙන සියොන් කන්ද අලංකාරයෙන් බැබළෙයි.උතුරු කෙළවරේ තියෙන ඒ නුවර ශ්‍රේෂ්ඨ රජුගේ නුවරයි.+ඒක පොළොව පුරාම ඉන්න අයගේ සතුටට හේතු වෙයි.+   ඒ නුවරේ බලකොටුවලදී, ඔහු සුරක්ෂිත බලකොටුවක්* කියලාදෙවියන් දැනුම් දීලා තියෙනවා.+   රජවරු එකට රැස් වුණා.*ඔවුන් එකතු වෙලා නුවර දෙසට ආවා.   ඒත් ඔවුන් නුවර දැක්කාම පුදුමයට පත් වුණා. ඔවුන් කලබල වෙලා පලා ගියා.   ඔවුන් බයෙන් වෙවුලන්න පටන්ගත්තා.දරුවෙක් බිහි කරද්දී අම්මා කෙනෙක්ට දැනෙනවා තරම් වේදනාවක් ඔවුන්ට දැනුණා.   දෙවියන් නැඟෙනහිරෙන් කුණාටුවක් එවලා තර්ෂිෂ් නැව් සුනුවිසුනු කළා.   අපිට අහන්න ලැබුණ දේවල් අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා.ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ නුවරේදී,අපේ දෙවියන්ගේ නුවරේදී අපි ඒ දේවල් දැක්කා. ඔහු ඒ නුවර සදහටම ආරක්ෂා කරයි.+ (සීලාහ්)   දෙවියනි, අපි ඔබේ මාලිගාවට ගිහින්ඔබේ නොසැලෙන ආදරේ ගැන ගැඹුරින් කල්පනා කරනවා.+ 10  දෙවියනි, ඔබේ නම ගැනත් ඔබට ලැබෙන ප්‍රශංසා ගැනත්පොළොවේ සීමා දක්වාම අහන්න ලැබෙනවා.+ ඔබ නිතරම ඔබේ බලය පාවිච්චි කරන්නේ හරි දේ කරන්නයි.*+ 11  ඔබ දෙන තීන්දු නිසා+ සියොන් කන්ද+ ප්‍රීති වේවා!යූදා අවට පිහිටි නගර* සතුටු වේවා! 12  ජනයෙනි, සියොන් කන්ද වටේ ගමන් කරන්න.ඒක වටේටම ගමන් කරලා ඒකේ බලකොටු ගණන් කරන්න.+ 13  ඒකේ තියෙන ආරක්ෂිත පවුරු දිහාත්+බලකොටු දිහාත් හොඳින් බලන්න. එතකොට ඉදිරි පරම්පරාවටත් ඒ ගැන කියන්න ඔබට පුළුවන් වෙයි. 14  දෙවියන් සදාකාලයෙන් සදාකාලයටම අපේ දෙවියන්.+ ඔහු සදහටම* අපිට මඟ පෙන්වයි.+

පාදසටහන්

හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයක්.”
හෝ, “කතා කරගත්ත විදිහට එකට රැස් වුණා.”
මූ.අ., “ඔබේ දකුණු අත ධර්මිෂ්ඨකමින් පිරිලා.”
මූ.අ., “දූවරුන්.”
හෝ සමහරවිට, “අපේ ජීවිත කාලේ පුරාම.”