ගීතාවලිය 5:1-12

  • යෙහෝවා ධර්මිෂ්ඨයාට රැකවරණය දෙයි

    • දෙවියන් දුෂ්ටයන්ට වෛර කරයි (4, 5)

    • ‘ඔබ ධර්මිෂ්ඨ නිසා යන්න ඕනෙ මඟ මට කියලා දෙන්න’ (8)

සංගීත අධ්‍යක්ෂක වෙත. නිහියලොත්.* දාවිත් රචනා කරපු ගීතයක්. 5  අනේ යෙහෝවා, මට සවන් දෙන්න.+මම සුසුම්ලමින් අඬද්දී මං දිහා බලන්න.   මගේ රජ්ජුරුවනි, මගේ දෙවියනි, මම යාච්ඤා කරන්නේ ඔබටයි.මම උදව් ඉල්ලලා අඬද්දී මට සවන් දෙන්න.   යෙහෝවා දෙවියනි, උදෑසනින්ම ඔබට මගේ හඬ ඇසෙයි.+හිතේ තියෙන දුක මම උදෙන්ම ඔබට කියනවා.+ ඔබෙන් උත්තරයක් ලැබෙන කල් මම බලන් ඉන්නවා.   ඔබ දුෂ්ටකමට ප්‍රිය කරන දෙවි කෙනෙක් නෙවෙයි.+දුෂ්ටයෙක්ට එක මොහොතක්වත් ඔබ එක්ක ඉන්න ලැබෙන්නේ නැහැ.+   කිසිම අහංකාර කෙනෙක්ට ඔබ ඉස්සරහට එන්න බැහැ.දුෂ්ටකම් කරන හැම කෙනෙක්ටම ඔබ වෛර කරනවා.+   බොරුකාරයන්ව ඔබ විනාශ කරනවා.+ දාමරිකයන්* සහ රැවටිලිකාරයන් යෙහෝවාට පිළිකුලක්.+   නිමක් නැති ඔබේ නොසැලෙන ආදරේ*+ නිසා මම ඔබේ ගෘහයට+ එනවා.මම ඔබේ ශුද්ධ මාලිගාව දිහාවට හැරිලා,ලොකු ගෞරවයකින් ඔබ ඉස්සරහා වැඳ වැටෙනවා.+   යෙහෝවා දෙවියනි, මගේ සතුරන් මාව වට කරගෙන.ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා යන්න ඕනෙ මඟ මට කියලා දෙන්න.මට තියෙන බාධා අයින් කරලා ඔබේ මාර්ගයේ ගමන් කරන්න මට උදව් කරන්න.+   මගේ සතුරන් කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ.ඔවුන්ගේ හිත් දුෂ්ටකමින් පිරිලා.ඔවුන්ගේ කටවල් ඇරලා දාපු සොහොනක් වගේ.ඔවුන්ගේ දිව අග තියෙන්නෙම චාටු බස්.+ 10  ඒ නිසා ඔවුන් වරදකරුවන් කියලා දෙවියන් තීන්දු කරයි.ඔවුන් අටවන උගුල්වලට ඔවුන්ම හසු වෙයි.+දෙවියනි, ඔවුන් ඔබට විරුද්ධව කැරලිගහනවා.සීමාවක් නැතුව වැරදි කරනවා.ඒ නිසා ඔවුන්ව පන්නලා දාන්න. 11  ඒත් ඔබේ රැකවරණය හොයන හැමෝම සතුටින් ජීවත් වෙයි.+ඔවුන් සදහටම ප්‍රීති ඝෝෂා නඟයි. ඔබ සතුරන්ට ඔවුන් ළඟටවත් එන්න ඉඩ දෙන්නේ නැහැ.ඔබේ නමට ආදරේ කරන අය ඔබ නිසා සතුටින් ගී ගයයි. 12  යෙහෝවා දෙවියනි, හරි දේ කරන හැම කෙනෙක්ටම ඔබ ආශීර්වාද කරනවා.ඔබේ ආදරෙන් ඔවුන්ව වට කරගෙන විශාල පලිහක් වගේ ඔවුන්ව ආරක්ෂා කරනවා.+

පාදසටහන්

හෝ, “ලේ හලන අය.”