ගීතාවලිය 50:1-23
ආසාෆ් රචනා කරපු ගීතයක්.+
50 දෙවිවරුන්ගෙත් දෙවි යෙහෝවා+ කතා කළා.නැඟෙනහිර ඉඳන් බස්නාහිර වෙන කල්පොළොවේ ඉන්න හැමෝවම ඔහු කැඳෙව්වා.
2 සුන්දරත්වයෙන් නොඅඩු සියොන් නුවරෙන්+ නික්මෙන දෙවියන්ගේ ආලෝකය දීප්තියෙන් බැබළෙනවා.
3 අපේ දෙවියන් අනිවාර්යයෙන්ම එනවා. ඔහු කොහොමටවත් නිහඬව ඉන්නේ නැහැ.+
ඔහු ඉදිරියේ ගින්නක් ඇවිළෙනවා.+දරුණු කුණාටුවක් ඔහු වටේ හමනවා.+
4 ඔහු තම සෙනඟව විනිශ්චය කරන්න සූදානමින් ඉන්නවා.+ඔහු අහසත් පොළොවත් සාක්ෂිකරුවන් විදිහට කැඳවලා මෙහෙම කියනවා.+
5 “මගේ විශ්වාසවන්ත සේවකයන්ව මගේ ඉස්සරහට ගේන්න.පූජාවක් මාර්ගයෙන් ස්ථිර කරපු ගිවිසුමට ඇතුළත් වුණ සෙනඟව එක්කන් එන්න.”+
6 අහස දෙවියන්ගේ ධර්මිෂ්ඨකම ගැන ප්‍රකාශ කරනවා.මොකද විනිශ්චයකරු ඔහුයි.+ (සීලාහ්)
7 “මගේ සෙනඟෙනි, මම දැන් ඔබට කතා කරනවා. මට සවන් දෙන්න.ඊශ්‍රායෙල්, මම දැන් ඔබට විරුද්ධව සාක්ෂි දෙනවා.+
දෙවියන් මමයි. ඔබේ දෙවියන් මමයි.+
8 මං ඔබට අවවාද කරන්නේ ඔබ නොකඩවාම ඔප්පු කරන පූජා නිසාවත්දවන පූජා නිසාවත් නෙවෙයි.+
9 ඔබේ ගවපට්ටිවලින් ගවයන්වත්ඔබේ ගාල්වලින් එළුවන්වත් මට අවශ්‍ය නැහැ.+
10 මොකද කැලේ ඉන්න හැම සතෙක්ම අයිති මටයි.+දහස් ගණන් කඳුවල ඉන්න සත්තු අයිතිත් මටයි.
11 කඳුවල ගැවසෙන හැම කුරුල්ලෙක් ගැනම මම හොඳින් දන්නවා.+තණබිම්වල සැරිසරන දහස් ගණන් සත්තු අයිතිත් මටයි.
12 මට බඩගින්නක් දැනුණත් ඒ ගැන ඔබට කියන්න අවශ්‍ය නැහැ.මොකද සරුසාර පොළොවත් ඒකේ තියෙන හැම දේමත් මගෙයි.+
13 මම ගොනුන්ගේ මස් කයි කියලවත්එළුවන්ගේ ලේ බොයි කියලවත් ඔබ හිතනවාද?+
14 ඔබේ පූජාව විදිහට දෙවියන්ට ස්තුති ප්‍රශංසා ඔප්පු කරන්න.+උසස්ම දෙවියන්ට ඔබ දුන්න පොරොන්දු ඒ විදිහටම ඉටු කරන්න.+
15 දුක් කරදරවලට ඔබ මුහුණ දෙද්දී මට අඬගහන්න.+
එතකොට මම ඔබව බේරගන්නවා. ඔබත් මට ප්‍රශංසා කරනවා.”+
16 ඒත් දුෂ්ටයාට දෙවියන් මෙහෙම කියනවා.
“මගේ නියෝග ගැන කතා කරන්න ඔබට තියෙන අයිතිය මොකක්ද?+මගේ ගිවිසුම ගැන කතා කරන්න ඔබට අයිතිය දුන්නේ කවුද?+
17 මොකද ඔබ හික්මවීම්* ප්‍රතික්ෂේප කරනවා.මගේ වදන් ගාණකටවත් ගන්නේ නැහැ.+
18 ඔබට සොරෙක්ව හමු වුණාම ඔබ ඔහුට හොඳින් සලකනවා.*+ඔබ අනාචාරයේ* යෙදෙන අයත් එක්ක ඇසුරු කරනවා.
19 ඔබේ කටින් ඔබ නපුරු කතා පතුරුවනවා.ඔබේ දිව අග තියෙන්නෙම වංචනික කතා.+
20 ඔබ ඔබේම සහෝදරයාට විරුද්ධව අනිත් අයත් එක්ක කතා කරනවා.+ඔබේම මවගේ පුතාගේ වැරදි ප්‍රසිද්ධ කරනවා.*
21 ඔබ මේ දේවල් කරද්දී මම නිහඬව හිටියා.ඒ නිසා ඔබ හිතුවේ මාත් ඔබ හිතන විදිහටම හිතනවා කියලා.
ඒත් දැන් මම ඔබට අවවාද කරලාඔබට විරුද්ධව නඩුවක් ගොනු කරනවා.+
22 දෙවියන්ව අමතක කරන සියල්ලෙනි, මේ දේ හිතට ගන්න.+නැත්නම් මම ඔබව කෑලි කෑලිවලට ඉරලා දානවා.ඔබව බේරගන්න කිසිම කෙනෙක්ට බැරි වෙනවා.
23 පූජාවක් විදිහට මට ස්තුති ප්‍රශංසා ඔප්පු කරන කෙනා මාව ගෞරවයට පත් කරනවා.+ස්ථිරව හරි මඟේ ගමන් කරන කෙනා දෙවියන් දෙන ගැලවීම අද්දකිනවා.”+
පාදසටහන්
^ හෝ, “මඟ පෙන්වීම්.”
^ හෝ සමහරවිට, “ඔහුත් එක්ක හවුල් වෙනවා.”
^ ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
^ හෝ, “නම කැත කරනවා.”