ගීතාවලිය 52:1-9
සංගීත අධ්යක්ෂක වෙත. මස්කිල්.* දාවිත් අහිමෙලෙක්ගේ ගෙදරට ආවා කියලා ඒදොම්වරයෙක් වුණ දොවෙග් සාවුල්ට දැන්නුවා.+ ඒ සිද්ධිය ගැන දාවිත් රචනා කරපු ගීතයක්.
52 බලවත් පුරුෂය, දෙවියන්ගේ නොසැලෙන ආදරේ හැමදාමත් පවතිනවා කියලා ඔබ දන්නේ නැද්ද?+
එහෙනම් ඔබ කරන කුරිරු දේවල් ගැන පුරසාරම් දොඩන්නේ ඇයි?+
2 ඔබේ දිව දැළි පිහියක් වගේ තියුණුයි.ඔබ ඒකෙන් අනුන්ට හානියක් කරනවා.+අනුන්ව රවට්ටන්නත් සැලසුම් කරනවා.+
3 යහපත් දේවලට වඩා ඔබ කැමති දුෂ්ට දේවලටයි.ඇත්ත කියන එකට වඩා ඔබ කැමති බොරු කියන එකටයි. (සීලාහ්)
4 ඔබට තියෙන්නේ වංචාවෙන් පිරුණු දිවක්.අනුන්ට හානියක් වෙන දේවල් කියන්න ඔබ මොන තරම් කැමතිද!
5 ආයෙත් නැඟිටගන්න බැරි වෙන්නම දෙවියන් ඔබව බිමට ඇදලා දාන්නේ ඒ නිසයි.+ඔහු ඔබව ඔබේ කූඩාරමෙන් එළියට ඇදලා දානවා.+ඔහු ඔබව පොළොවෙන් උදුරලා දාලා නැත්තටම නැති කරනවා.+ (සීලාහ්)
6 ඒක දැක්කාම ධර්මිෂ්ඨයන්ට දෙවියන් ගැන ලොකු ගරුබියක් ඇති වෙයි.+ඔවුන් ඔබට හිනා වෙයි.+
7 ඔවුන් මෙහෙම කියයි. “මේ මිනිසා දෙවියන්ව ඔහුගේ රැකවරණය* කරගත්තේ නැහැ.+ඔහු විශ්වාසය තිබ්බේ තමන්ගේ වස්තුව මතයි.+ඔහු හිතුවේ ඔහුගේ දුෂ්ට සැලසුම් නිසා ඔහු සාර්ථක වෙයි කියලයි.”*
8 ඒත් මම දෙවියන්ගේ ගෘහයේ සරුසාරව වැඩෙන ඔලීව ගහක් වගෙයි.දෙවියන්ගේ නොසැලෙන ආදරේ මට හැමදාටම ලැබෙනවා කියලා මට විශ්වාසයි.+
9 දෙවියන් මං වෙනුවෙන් පියවර ගත්ත නිසා මං සදහටම ඔහුට ප්රශංසා කරනවා.+ඔබේ නම මොන තරම් පුදුමාකාරද! මම ඔබේ නම ගැන විශ්වාසය තියලා වැඩ කරන්නේ ඒ නිසයි.+ඔබට විශ්වාසවන්තව ඉන්න හැමෝම ඒක දකිනවා.
පාදසටහන්
^ “පැහැදිලි කිරීමක්” බලන්න.
^ හෝ, “බලකොටුව.”
^ හෝ, “දුෂ්ට සැලසුම් ඔහුට ආරක්ෂාවක් වෙයි කියලයි.”