ගීතාවලිය 63:1-11

  • දෙවියන්ව හොයාගෙන යනවා

    • “ඔබේ නොසැලෙන ආදරය මට මගේ ජීවිතයටත් වඩා වටිනවා” (3)

    • ‘හොඳම දේවලින් තෘප්තිමත් කරනවා’ (5)

    • රෑ පුරාම දෙවියන් ගැන ගැඹුරින් කල්පනා කරනවා (6)

    • ‘මම දෙවියන්ව තදින් අල්ලගෙන ඉන්නවා’ (8)

දාවිත් යූදා පාළුකරයේ ඉද්දී රචනා කරපු ගීයක්.+ 63  දෙවියනි, ඔබයි මගේ දෙවියන්.+ මේ ඉරි තැළී ගිය වියළි දේශයේ මම ඔබව හැම තැනම හොයනවා.+ ක්ලාන්ත වෙන තරමටම තිබහෙන් ඉන්න කෙනෙක් වතුර පොදක් හොයාගෙන යනවා වගේමමත් ඔබව හොයාගෙන යනවා.+   ශුද්ධස්ථානයේදී මම ඔබව දැක්කා.එහෙදී ඔබේ ශක්තියත් තේජසත් මට දකින්න ලැබුණා.+   ඔබේ නොසැලෙන ආදරය මට මගේ ජීවිතයටත් වඩා වටිනවා.+මම මගේ තොල්වලින් ඔබට ප්‍රශංසා කරන්නේ ඒ නිසයි.+   දිවි ඇති තුරා මම ඔබට ප්‍රශංසා කරනවා.මගේ දෑත් ඔසවලා ඔබේ නම කියලා යාච්ඤා කරනවා.   හොඳම, ඉස්තරම්ම දේවලින්* ඔබ මාව තෘප්තිමත් කරනවා.ඒ නිසා ප්‍රීති ඝෝෂා නඟමින් මම ඔබට ප්‍රශංසා කරනවා.+   ඇඳේ ඉද්දී මට ඔබව මතක් වෙනවා.රෑ පුරාම* මම ඔබ ගැන ගැඹුරින් කල්පනා කරනවා.+   ඔබ ඕනෙම වෙලාවක මගේ උදව්වට එනවා.+ඔබේ පියාපත් සෙවණේ ඉඳන් මම සතුටින් ගී ගයනවා.+   මම ඔබව තදින් අල්ලගෙන ඉන්නවා.ඔබත් ඔබේ දකුණතින් මාව අල්ලගෙන ඉන්නවා.+   ඒත් මගේ ජීවිතය විනාශ කරන්න හදන අයටසිද්ධ වෙන්නේ මිනී වළට යන්නයි. 10  ඔවුන් කඩුවෙන් මැරුම් කනවා.හිවලුන්ගේ* ගොදුරක් වෙනවා. 11  ඒත් රජ දෙවියන් නිසා සතුටු වෙයි. දෙවියන්ගේ නමින් දිවුරන හැම කෙනෙක්ම ප්‍රීතියෙන් ඉපිල යයි.මොකද දෙවියන් බොරු කියන අයව නිහඬ කරනවා.

පාදසටහන්

හෝ, “හොඳම කොටස වන තෙල්වලින්.”
මූ.අ., “රෑ වැඩමුර අතරතුරේ.”
හෝ, “නරියන්ගේ.”