ගීතාවලිය 67:1-7
සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න.
67 දෙවියනි, අපිට කරුණාව පෙන්වලා ආශීර්වාද කරන්න.අපි ගැන සතුටු වෙනවා කියලා පෙන්වන්න.+ (සීලාහ්)
2 එතකොට ඔබේ ක්‍රියා ගැන පොළොවේ ඉන්න හැමෝම දැනගනියි.+ඔබ දෙන ගැලවීම ගැන හැම ජාතියකටම අහන්න ලැබෙයි.+
3 දෙවියනි, මිනිසුන් ඔබට ප්‍රශංසා කරනු ලැබේවා!මිනිසුන් හැමෝම ඔබට ප්‍රශංසා කරනු ලැබේවා!
4 හැම ජාතියකටම අයිති සෙනඟ ප්‍රීති ඝෝෂා නඟනු ලැබේවා!+මොකද ඔබ මිනිසුන්ව සාධාරණව විනිශ්චය කරනවා.+
පොළොවේ ඉන්න ජාතීන්ට මඟ පෙන්වනවා. (සීලාහ්)
5 දෙවියනි, මිනිසුන් ඔබට ප්‍රශංසා කරනු ලැබේවා!මිනිසුන් හැමෝම ඔබට ප්‍රශංසා කරනු ලැබේවා!
6 අපේ දෙවියන් අපිට ආශීර්වාද කරයි.+ඒ නිසා පොළොවෙන් සාරවත් අස්වැන්නක් ලැබෙයි.+
7 දෙවියන් අපිට ආශීර්වාද කරයි.පොළොවේ හැම තැනකම ඉන්න අය ඔහුට ගරුබිය දක්වයි.*+
පාදසටහන්
^ හෝ, “ගෞරව කරයි.”