ගීතාවලිය 7:1-17

  • යෙහෝවා ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්

    • “අනේ යෙහෝවා, මාව විනිශ්චය කරන්න” (8)

බෙන්ජමින් ගෝත්‍රයට අයිති කූෂ් කියපු දේවල් නිසා දාවිත් යෙහෝවාට ගායනා කරපු ශෝක ගීයක්. 7  යෙහෝවා, මගේ දෙවියනි, මම ආරක්ෂාව පතන්නේ ඔබගෙන්.+ මට පීඩා කරන අයගෙන් මාව ආරක්ෂා කරන්න. මාව බේරගන්න.+   ඔබ මගේ උදව්වට ආවේ නැත්නම්,සිංහයෙක් වගේ ඔවුන් මාව ඩැහැගෙන ගිහින් කෑලි කෑලිවලට ඉරලා දායි.+බේරගන්න කවුරුත් නැති නිසා ඔවුන් මාව පැහැරගෙන යයි.   යෙහෝවා මගේ දෙවියනි, මං වරදක් කරලා තියෙනවා නම්,මගේ අතින් අයුක්තියක් වෙලා තියෙනවා නම්,   මට හොඳක් කරපු කෙනාට මං නපුරක් කළා නම්,+කිසිම හේතුවක් නැතුව මගේ සතුරාගේ වස්තුව පැහැරගත්තා නම්,*   මගේ සතුරා පන්නගෙන ඇවිත් මාව අල්ලගන්න ඕනේ.මාව පාගලා මරලා දාන්න ඕනේ.මගේ ගෞරවය පයට පෑගෙන දූවිල්ලක් වගේ වෙන්න ඕනේ. (සීලාහ්)   අනේ යෙහෝවා, නැඟිට ඔබේ කෝපය පිට කරන්න.මාත් එක්ක වෛරයෙන් ඉන්න මගේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න.+නැඟිට මං වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න.+   ජාතීන්ට ඔබ වටේ එක් රොක් වෙන්න ඉඩහරින්න.ඔබේ සිංහාසනයේ ඉඳන් ඔවුන්ට විරුද්ධව පියවර ගන්න.   ජනයාට විරුද්ධව යෙහෝවා දෙවියන් තීන්දුවක් දෙයි.+ අනේ යෙහෝවා, මාව විනිශ්චය කරන්න.එහෙම කරද්දී මං ධර්මිෂ්ඨ, විශ්වාසවන්ත කෙනෙක් කියලා සිහි කරන්න.+   ධර්මිෂ්ඨ දෙවියන් ඔබයි.+මිනිසුන්ගේ හිත්,+ ඇතුළාන්ත හැඟීම්*+ සෝදිසි කරලා බලන්නේ ඔබයි. දෙවියනි, දුෂ්ටයන් කරන නපුරුකම් අවසන් කරන්න.ඒත් හරි දේ කරන අයව තව තවත් ශක්තිමත් කරන්න.+ 10  දෙවියන් මගේ පලිහයි.+ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයගේ ගැලවුම්කරු ඔහුයි.+ 11  දෙවියන් ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්.+ඔහු හැම දවසකම ඔහුගේ තීන්දු දැනුම් දෙයි.* 12  කෙනෙක් නපුරු මාර්ගයෙන් ඉවත් නොවුණොත්+දෙවියන් ඔහුගේ කඩුව මුවහත් කරගනියි.+ ඔහුගේ දුන්නෙන් විදින්න සූදානම් වෙයි.+ 13  ඔහු තමන්ගේ මාරක අවි ලෑස්ති කරගනියි.ගිනිමය ඊතල සූදානම් කරගනියි.+ 14  දුෂ්ටකම් හිතේ පෝෂණය කරන කෙනෙක් ඉන්නවා.ඔහු නපුර හිතේ පිළිසිඳගෙන බොරුව උපදවයි.+ 15  ඔහු වළක් කපලා ඒක තව තවත් ගැඹුරට හාරයි.ඒත් ඔහු කපපු වළේ ඔහුම වැටෙයි.+ 16  ඔහු කරපු නපුර ඔහු පිටටම එයි.+ඔහුගේ මැරවරකම්වල ප්‍රතිඵල ඔහුටම විඳින්න වෙයි. 17  යෙහෝවා යුක්තිය ඉටු කරනවා. ඒ නිසා මම ඔහුට ප්‍රශංසා කරනවා.+උසස්ම දෙවියන්+ වන යෙහෝවාගේ නමට මම ප්‍රශංසා ගී ගයනවා.*+

පාදසටහන්

හෝ සමහරවිට, “කිසිම හේතුවක් නැතුව මට විරුද්ධ වෙන කෙනාට යන්න දුන්නා නම්.”
හෝ, “වකුගඩු.”
හෝ, “දුෂ්ටයන්ට තරවටු කරයි.”
හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”