ගීතාවලිය 76:1-12

  • සියොන්ට විරුද්ධව එන සතුරන්ව දෙවියන් පරද්දනවා

    • නිහතමානී අයව දෙවියන් බේරගන්නවා (9)

    • සතුරන්ගේ අහංකාරකම නැති කරලා දානවා (12)

සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. ආසාෆ් රචනා කරපු ගීයක්.+ 76  යූදාවල වැසියෝ දෙවියන්ව හඳුනනවා.+ඔහුගේ නම ඊශ්‍රායෙල් පුරාම ප්‍රසිද්ධ වෙලා.+   ඔහුගේ ගෘහය තියෙන්නේ සාලම්වල.+ඔහුගේ වාසස්ථානය තියෙන්නේ සියොන්වල.+   එහෙදී ඔහු ගිනිමය ඊතල කඩලා දැම්මා.පලිහත් කඩුවත් අනිකුත් යුධායුධත් ඔහු කඩලා දැම්මා.+ (සීලාහ්)   දෙවියනි, ඔබ දීප්තියෙන් බැබළෙනවා.*දරුණු වනසත්තු ගැවසෙන කඳුවලටත් වඩා ඔබ තේජාන්විතයි.   නිර්භීත අයගෙනුත් වස්තුව පැහැරගෙන ගිහින්.+ ඔවුන් තද නින්දකට වැටිලා.එඩිතර සටන්කරුවෝ හැමෝම අසරණ වෙලා.+   යාකොබ්ගේ දෙවියනි, ඔබ දුන්න දඬුවම නිසාඅශ්වයාත් අශ්ව රථ පදවන්නාත් තද නින්දකට වැටිලා.+   ගරුබියක් ඇති කරවන එකම දෙවියන් ඔබයි.+ ඔබේ දැවෙන කේන්තිය දරාගන්න පුළුවන් කාටද?+   ඔබ ස්වර්ගයේ ඉඳන් ඔබේ තීන්දුව දැනුම් දුන්නා.+ එතකොට පොළොව බය වෙලා නිහඬ වුණා.+   පොළොවේ ඉන්න නිහතමානී අයව බේරගන්න දෙවියන් නැඟී හිටියා.+ඔහු දුෂ්ටයන්ට දඬුවම් නියම කළා. (සීලාහ්) 10  දෙවියනි, මිනිසුන් කොයි තරම් කේන්තියෙන් වැඩ කළත්අන්තිමේදී ඒකෙන් ඔබට ප්‍රශංසාව ලැබෙනවා.+ඔවුන් කේන්තිය පිට කරන අන්තිම මොහොතේදීත්ඔබේ නම ගෞරවයට පත් කරන්න ඔබ ඒක අවස්ථාවක් කරගන්නවා. 11  ඔහු වටේ ඉන්න සියල්ලෙනි, තෑගි අරන් ලොකු ගරුබියකින් ඔහු ඉස්සරහට යන්න.+ඔබේ දෙවි යෙහෝවාට දුන්න පොරොන්දු ඉටු කරන්න.+ 12  ඔහු නායකයන්ගේ අහංකාරකම නැති කරලා දානවා.ඔහු නිසා පොළොවේ රජවරුන්ගේ හිත්වල ලොකු බයක් ඇති වෙනවා.

පාදසටහන්

හෝ, “ඔබ ආලෝකයෙන් වට වෙලා ඉන්නවා.”