ගීතාවලිය 82:1-8
ආසාෆ් රචනා කරපු ගීතයක්.+
82 රැස් වෙලා ඉන්න දෙවිවරු* අතරට ඇවිත්දෙවියන් තමන්ට හිමි ස්ථානයේ හිටගන්නවා.*+දෙවිවරු මැද විනිශ්චය කරමින් ඔහු මෙහෙම කියනවා.+
2 “ඔබ තව කොච්චර කාලයක් අසාධාරණ විදිහට විනිශ්චය කරනවාද?+දුෂ්ටයන්ගේ පැත්ත අරන් වැඩ කරනවාද?+ (සීලාහ්)
3 අසරණයන් සහ පියා නැති දරුවන් වෙනුවෙන් නැඟී ඉන්න.+
පීඩාවට පත් වුණ අය සහ දුප්පත් අය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න.+
4 අසරණයන්වත් දුප්පතුන්වත් බේරගන්න.දුෂ්ටයන්ගේ අතින් ඔවුන්ව ගලවගන්න.”
5 ඒත් ඔවුන්* කිසි දෙයක් දන්නේ නැහැ.කිසි දෙයක් තේරුම්ගන්නෙත් නැහැ.+ඔවුන් අන්ධකාරයේ ඒ මේ අත ඇවිදිනවා.පොළොවේ හැම අත්තිවාරමක්ම හෙල්ලිලා ගිහින්.+
6 “උසස්ම දෙවියන් වන මම මෙහෙම කිව්වා.‘ඔබ දෙවිවරු.*+ ඔබ හැමෝම මගේ පුතුන්.
7 ඒත් ඔබත් සාමාන්‍ය මිනිසුන් වගේ මැරිලා යනවා.+අනිත් පාලකයන් වගේ වැටිලා යනවා.’”+
8 දෙවියනි, නැඟී ඉඳලා පොළොව විනිශ්චය කරන්න.+මොකද සියලු ජාතීන් අයිති ඔබටයි.
පාදසටහන්
^ හෝ, “දෙවියන්ට යම් සමානකමක් තියෙන අය.” පේන විදිහට මෙතන කතා කරන්නේ ඊශ්‍රායෙල් දේශයේ හිටපු විනිශ්චයකරුවන් ගැනයි.
^ හෝ, “දෙවියන් තමන්ගේ සභාවේ හිටගන්නවා.”
^ ඒ කියන්නේ 1වෙනි පදයේ කතා කරන දෙවිවරු.
^ හෝ, “දෙවියන්ට යම් සමානකමක් තියෙන අය.”