ගීතාවලිය 84:1-12
සංගීත අධ්‍යක්ෂක වෙත. ගිටිත්* සඳහා. කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+
84 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා,ඔබේ තේජවත් කූඩාරම මොන තරම් අලංකාරද!*+
2 යෙහෝවාගේ කූඩාරමේ මළුවට යන්න මට තියෙන ආශාව මොන තරම්ද!+එහෙට යන්න ලැබෙන කල් මං බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්.බලන් ඉඳලාම මම හෙම්බත් වෙලා!
මගේ මුළු හදවතින්ම, මුළු ශක්තියෙන්ම ජීවමාන දෙවියන්ට ප්‍රීති ඝෝෂා නඟනවා.
3 මගේ රජුත් මගේ දෙවියනුත් වන ස්වර්ගයේ සේනාවල අධිපති යෙහෝවා,ඔබේ ශ්‍රේෂ්ඨ පූජාසනය ළඟකිරිල්ලියටත් නිවහනක් තියෙනවා.වැහිළිහිණියාටත් ඇගේ පැටව් තියන්න කැදැල්ලක් තියෙනවා.
4 ඔබේ ගෘහයේ ඉන්න ලැබෙන අය ජීවත් වෙන්නේ හරිම සතුටින්.+
ඔවුන් නොනවත්වාම ඔබට ප්‍රශංසා කරනවා.+ (සීලාහ්)
5 ඔබෙන් ශක්තිය ලබන අය සන්තෝෂවත්.+ඔබේ ගෘහයට යන මඟේ ගමන් කරන්න ආශාවෙන් ඉන්න අය සන්තෝෂවත්.
6 ඔවුන් බේකා නිම්නය* හරහා ගියත්ඔවුන් ඒක සලකන්නේ දිය දහරා ගලා බසින තැනක් විදිහටයි.මුලින්ම ඇද හැලෙන වැස්සෙන් ඒ මුළු ප්‍රදේශයම අලංකාරවත් වෙනවා.*
7 කොයි තරම් දුරක් ඇවිදන් ගියත්ඔවුන් විඩාවට පත් නොවී තව තවත් ශක්තිමත් වෙනවා.+සියොන්වල ඉන්න දෙවියන් ඉස්සරහට ඔවුන් හැමෝටම යන්න ලැබෙනවා.
8 ස්වර්ගයේ සේනාවල දෙවි යෙහෝවා, මගේ යාච්ඤාව අහන්න.යාකොබ්ගේ දෙවියනි, මට සවන් දෙන්න. (සීලාහ්)
9 අපේ පලිහ+ වන දෙවියනි,*ඔබේ අභිෂේක ලත් තැනැත්තා දිහා බලලා ඔහුට ඔබේ කරුණාව පෙන්වන්න.+
10 වෙන තැනක දවස් දහසක් ගත කරනවාට වඩාඔබේ කූඩාරමේ මළුවේ එක දවසක් ගත කරන්න ලැබෙන එක මට වටිනවා!+
දුෂ්ටයන්ගේ කූඩාරම්වල ඉන්නවා වෙනුවටමගේ දෙවියන්ගේ ගෘහයේ දොරකඩ ළඟ ඉන්න මං තෝරගන්නවා.
11 මොකද යෙහෝවා දෙවියන් හිරු වගේ.+ ඔහු පලිහක් වගේ.+ඔහුට විශ්වාසවන්තව ඉන්න අයට ඔහු හැම යහපත් දෙයක්ම ලබා දෙනවා.+
යෙහෝවා ඔවුන්ට අනුමැතිය දීලා ඔවුන්ව ගෞරවයට පත් කරනවා.
12 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා,ඔබ ගැන විශ්වාසය තියන කෙනා ඉන්නේ සතුටින්.+
පාදසටහන්
^ “පැහැදිලි කිරීමක්” බලන්න.
^ හෝ, “ඔබේ ශුද්ධ කූඩාරමට අපි මොන තරම් ඇලුම් කරනවාද!”
^ හෝ, “බේකා පඳුරු තියෙන නිම්නය.”
^ හෝ සමහරවිට, “ඔවුන් කරන ප්‍රශංසාවලින් උපදේශකයා වට වෙලා ඉන්නවා.”
^ හෝ සමහරවිට, “අනේ දෙවියනි, අපේ පලිහ දිහා බලන්න.”