ගීතාවලිය 95:1-11
95 එන්න, අපි යෙහෝවා ඉස්සරහට ගිහින් ප්‍රීති ඝෝෂා නඟමු!
අපිට ගැලවීම ලබා දෙන පර්වතයට ජය නාද නඟමු!+
2 ඔහුට ස්තුති ප්‍රශංසා කරමු.+ගී ගයමින් ඔහුට ජය නාද නඟමු.
3 මොකද යෙහෝවා උතුම් දෙවි කෙනෙක්.අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා ඔහු ශ්‍රේෂ්ඨ රජෙක්.+
4 පොළොවේ ගැඹුරුම තැන් තියෙන්නේ දෙවියන්ගේ අතේ.කඳු මුඳුන් අයිති ඔහුටයි.+
5 ඔහු නිර්මාණය කරපු මහ සයුර අයිතිත් ඔහුටමයි.+දෙවියන් භූමිය හැදුවේ ඔහුගෙම දෑතින්.+
6 එන්න, අපි ඔහු ළඟට ගිහින් වැඳ වැටිලා නමස්කාර කරමු.අපේ නිර්මාතෘ වන යෙහෝවා ඉස්සරහා දණ නමමු.+
7 මොකද අපේ දෙවියන් ඔහුයි.අපි ඔහුගේ සෙනඟයි.ඔහුගේ තණබිමේ ඉන්න බැටළුවන් වගේ ඔහු අපිව රැකබලා ගන්නවා.+
අනේ, ඔහු කිව්ව මේ දේට ඔබ අද සවන් දෙනවා නම්!+
8 “ඔබේ මුතුන්මිත්තන් මෙරිබාවලදී* කළා වගේ ඔබේ හිත් දැඩි කරගන්න එපා.+එදා පාළුකරයේ මස්සාහ්වලදී* ඔවුන් කරපු දේ කරන්න එපා.+
9 මං කරපු දේවල් දැකලත් එදා ඔවුන් මාව සැක කළා.+මං ඔවුන්ව බලාගනියිද කියලා පරීක්ෂා කරලා බැලුවා.*+
10 අවුරුදු 40ක් පුරාම මට ඒ පරම්පරාව ගැන තිබුණේ ලොකු පිළිකුලක්!
‘මේ සෙනඟ හැම තිස්සේම මුරණ්ඩු විදිහට තමන්ට හිතෙන හිතෙන දේ කරනවා.ඔවුන් මං කියන දේවල වටිනාකම තේරුම් අරන් නැහැ’* කියලා මං ඔවුන් ගැන කිව්වා.
11 ඒ නිසා මං කේන්තියෙන් දිවුරලා මෙහෙම කිව්වා.
‘මං වගේ විවේක ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ.’”+
පාදසටහන්
^ තේරුම, “රණ්ඩුව.”
^ තේරුම, “පරීක්ෂා කිරීම.”
^ හෝ, “මං ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියලා පරීක්ෂා කළා.”
^ මූ.අ., “ඔවුන් මගේ මාර්ග අවබෝධ කරගෙන නැහැ.”