18වෙනි ප්රශ්නය
දෙවියන්ට ළං වෙන්න ඔයාට පුළුවන් කොහොමද?
“යාච්ඤා අසන තැනැත්තාණෙනි, හැම පසුබිමකටම අයිති මිනිසුන් ඔබ ඉස්සරහට එයි.”
“ඔයාගෙම නුවණ මත රඳා ඉන්න එපා. මුළු හදවතින්ම යෙහෝවාව විශ්වාස කරන්න. ඔයා තියන හැම පියවරකදීම දෙවියන්ව සිහි කරන්න. එතකොට ඔයා යන්න ඕනෙ හරි පාර ඔහු පෙන්වලා දෙයි.”
“සදාකාල ජීවිතය ලබාගන්න නම් එයාලා එකම සැබෑ දෙවි වන ඔයාවත් ඔයා එවපු කෙනා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන අඳුරගන්න ඕනේ.”
“ඔහු [දෙවියන්] අපෙන් දුරස් වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි.”
“නිවැරදි දැනුමයි, හොඳින් වටහාගැනීමේ හැකියාවයි වැඩි වෙද්දී ඔයාලාගේ හිතේ තියෙන ආදරේ තව තවත් වැඩි වෙන්න කියලා මං දිගටම යාච්ඤා කරනවා.”
“තමන්ට ප්‍රඥාව අඩුයි කියලා කෙනෙක්ට හිතෙනවා නම් එයාට පුළුවන් දිගටම දෙවියන්ගෙන් ප්‍රඥාව ඉල්ලන්න. එයාට අනිවාර්යයෙන්ම ඒක ලැබෙනවා. දොස් කියන්නේ නැතුව, දෙවියන් හරිම කැමැත්තෙන් හැමෝටම ප්‍රඥාව ලබා දෙනවා.”
“දෙවියන්ට ළං වෙන්න. එතකොට ඔහුත් ඔයාට ළං වෙයි. පව්කාරයෙනි, ඔයාලාගේ අත් පිරිසිදු කරගන්න. දෙගිඩියාවෙන් ඉන්න මනුෂ්‍යයෙනි, ඔයාලාගේ සිත් පවිත්‍ර කරගන්න.”
“අපි දෙවියන්ට ආදරෙයි නම් අපි ඔහුගේ ආඥා පිළිපදිනවා. ඔහුගේ ආඥා පිළිපදින එක බරක් නෙමෙයි.”