Skip to content

පටුනට යන්න

මානසික පීඩනයෙන් මිදෙමු

මානසික පීඩනයක් නැති ජීවිතයක් සිහිනයක් නෙවෙයි

මානසික පීඩනයක් නැති ජීවිතයක් සිහිනයක් නෙවෙයි

බයිබලයේ තියෙන වටිනා මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් පීඩනය අඩු කරගන්න අපිට පුළුවන්. ඒත් අපිට දැනෙන පීඩනය සම්පූර්ණයෙන්ම නැති කරගන්න අපිට බැහැ. හැබැයි අපේ නිර්මාතෘට ඒ දේ කරන්න පුළුවන්. අපිට සහනයක් ලබා දෙන්න ඔහු යේසුස් ක්‍රිස්තුස්ව පත් කරලා තියෙනවා. පොළොවේ ඉද්දී කරපු දේවලටත් වඩා පුදුමාකාර දේවල් යේසුස් ළඟදීම කරන්න නියමිතයි. ඒ අතරින් කීපයක් අපි බලමු.

යේසුස් අසනීප අයව සුව කරනවා.

“අසනීපව සිටි සියල්ලන්ව එනම්, විවිධාකාර . . . රෝගීන්වද ඔහු වෙතට ගෙනෙන ලදි. ඔහු ඔවුන් සියල්ලන්වම සුව කළේය.”—මතෙව් 4:24.

යේසුස් හැමෝටම ඉන්න තැනකුත් කෑමත් ලබා දෙනවා.

“ඔවුහු [ක්‍රිස්තුස්ගේ යටත් වැසියන්] ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත.”—යෙසායා 65:21, 22.

යේසුස්ගේ පාලනය යටතේ පොළොවේ සාමය, සුරක්ෂිතභාවය රජයනවා.

“ඔහුගේ පාලන සමයේදී ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය. සඳ පවතින තෙක් බොහෝ සමාදානය තිබෙන්නේය. මුහුදෙන් මුහුදටද මහ ගංගාවේ සිට පොළොවේ සියලු සීමා දක්වාද ඔහුගේ පාලනය විහිදී යන්නේය. . . . ඔහුගේ සතුරෝද දූවිලි කන්නෝය.”—ගීතාවලිය 72:7-9.

යේසුස් අයුක්තියට නිමාවක් ගෙනෙනවා.

“අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය. දුප්පතුන්ගේ දිවි රැක දෙන්නේය. පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය. ඔවුන්ගේ ජීවිත ඔහුට බොහෝ සේ වටින්නේය.”—ගීතාවලිය 72:13, 14.

යේසුස් දුක් වේදනා සහ මරණය නැත්තටම නැති කරනවා.

“මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:4.