සටන ජය ගන්න නම්
ඔයා ඉන්නේ අනතුරක! ඔයාගේ සතුරා සාතන්. ඔයාට පහර දෙන්න එයා පාවිච්චි කරන්නේ භයානක අවියක්. ඒකෙන් එයා පහර දෙන්නේ ශරීරයට නෙමෙයි, ඔයාගේ මනසට. මොකක්ද මේ අවිය? ඒ තමයි බොරු ප්‍රචාරයන්.
පාවුල් දැනගෙන හිටියා සාතන් පතුරුවන බොරු ප්‍රචාරයන් කොච්චර භයානකද කියලා. ඒත් ඒකේ තියෙන භයානකකම හැම කෙනෙක්ම තේරුම්ගත්තේ නැහැ. උදාහරණෙකට කොරින්ති සභාවේ හිටපු සමහරු හිතුවා එයාලට ශක්තිමත් විශ්වාසයක් තියෙන නිසා එයාලව වට්ටන්න සාතන්ට බැහැ කියලා. (1 කොරි. 10:12) මේ අනතුරු ඇඟවීම පාවුල් එයාලට දුන්නේ ඒ නිසයි. “සර්පයා කපටිකමින් ඒවව නොමඟ යැවූ අයුරින්ම ඔබවත් නොමඟ යවයිද කියා මම බියෙන් සිටිමි. එසේ වුණොත් ඔබේ මනස් දූෂ්‍ය වී ක්‍රිස්තුස්ට පෙන්විය යුතු ඔබේ අවංකකම සහ නිර්මලකම නැති වී යෑමට පුළුවන.”—2 කොරි. 11:3.
සාතන් පතුරුවන අදහස්වල තියෙන භයානකකම තේරුම් අරන් ඒවාවලින් ආරක්ෂා වෙන්න පියවර ගන්න එක හුඟක් වැදගත් කියලා පාවුල් දීපු ඒ අනතුරු ඇඟවීමෙන් පැහැදිලියි.
බොරු ප්‍රචාරයන් කොච්චර භයානකද?
බොරු ප්‍රචාරයන් කියද්දී ඒකට මිනිසුන්ව නොමඟ යවන අරමුණින් නැත්නම් මිනිසුන් හිතන විදිහ වෙනස් කරන අරමුණින් පතුරුවන තොරතුරු ඇතුළත්. එක පොතක කියන විදිහට බොරු ප්‍රචාරයන් “සාරධර්මවලට පටහැනියි. හානිකරයි.”—Propaganda and Persuasion.
බොරු ප්‍රචාරයන් හරියට විෂ වායුවක් වගේ. අපිට නොදැනීම ඒ වායුව අපේ ශරීරයට ලොකු හානියක් කරනවා. බොරු ප්‍රචාරයන් අපේ මනසට ඇතුල් වුණාම වෙන්නෙත් ඒ වගේ දෙයක්. අපිටත් හොරා අපි හිතන විදිහ ඒවා නිසා ටිකෙන් ටික වෙනස් වෙනවා. බොරු ප්‍රචාරයන් “අපි හිතනවාටත් වඩා වැඩියෙන්” අපි කරන කියන දේවලට බලපෑම් කරනවා කියලා මිනිසුන්ගේ හැසිරීම ගැන අධ්‍යයනය කරන ප්‍රවීණයෙක් වන වාන්ස් පැකාඩ් සඳහන් කළා. තවත් ප්‍රවීණයෙක් සඳහන් කරන්නේ බොරු ප්‍රචාරයන් නිසා මිනිසුන් වියරු වැටිලා, දරුණු
විදිහට හැසිරෙන්න පෙලඹිලා තියෙනවා කියලයි. සමූල ඝාතන, යුද්ධ, ආගමේ ජාතියේ නාමයෙන් අනිත් අයට හිරිහැර කරන්න ඒවා හේතුවක් වෙලා තියෙනවා කියලත් එයා කියනවා.—Easily Led—A History of Propaganda.අපිව එච්චර දුරට නොමඟ යවන්න මිනිසුන්ගේ බොරු ප්රචාරයන්ට පුළුවන් නම් ඊට වඩා කොච්චර වැඩියෙන් අපිව රවට්ටන්න සාතන්ට පුළුවන්ද? මිනිසුන්ව නිර්මාණය කරපු දා ඉඳන් සාතන් මිනිසුන්ගේ හැසිරීම ගැන ඇහැ ගහගෙනයි ඉන්නේ. දැන් “මුළු ලෝකයම” එයා යටතේ තියෙන නිසා ලෝකේ තියෙන ඕනෑම දෙයක් පාවිච්චි කරලා එයාගේ අදහස් පතුරුවන්න එයාට පුළුවන්. (1 යොහ. 5:19; යොහ. 8:44) එයාගේ බොරුවලින් කොච්චර දෙනෙක්ගේ ‘මනස් අන්ධ කරලා’ තියෙනවාද කියනවා නම් “මුළු පොළොවම නොමඟ යවන්න” එයාට පුළුවන් වෙලා තියෙනවා. (2 කොරි. 4:4; එළි. 12:9) සාතන්ගේ බොරුවලට අහු නොවී ඉන්න ඔයාට පුළුවන් කොහොමද?
යුධ ශක්තිය වැඩි කරගන්න
බොරු ප්රචාරයන්ට විරුද්ධව සටන් කරන්න නම් අපි ‘සත්‍යය ගැන අවබෝධයක්’ ලබාගන්න ඕනේ. ‘ඒ සත්‍යය අපිට නිදහස ලබා දෙනවා.’ (යොහ. 8:31, 32) යුද්දෙකදී සතුරා බොරු තොරතුරු පතුරුවලා සොල්දාදුවන්ව නොමඟ යවනවා. ඒ නිසා විශ්වාසවන්ත තොරතුරු ලබාගන්න පුළුවන් කොහෙන්ද කියලා සොල්දාදුවෙක් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේ අපිටත් සත්‍ය තොරතුරු තියෙන්නේ කොහේද කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ තොරතුරු තියෙන්නේ බයිබලේ. සාතන් පතුරුවන ඕනෑම අදහසකට විරුද්ධව සටන් කරන්න අපිට ඕන කරන හැම දේම බයිබලේ තියෙනවා.—2 තිමෝ. 3:16, 17.
ඒක සාතනුත් දන්නවා. ඒ නිසයි එයා මේ සමාජයේ තියෙන විවිධ දේවල් පාවිච්චි කරලා අපේ මනස වෙන පැතිවලට යොමු කරන්න හදන්නේ. එතකොට බයිබලේ කියවන්න, අධ්‍යයනය කරන්න අපිට කාලේ නැති වෙනවා. ඒත් “යක්ෂයාගේ උපායන්වලට” අහු වෙන්න එපා! (එෆී. 6:11) ඒවාට අහු නොවී ඉන්න නම් අපි බයිබලේ තියෙන ඉගැන්වීම් උඩින් පල්ලෙන් දැනගෙන ඉඳලා මදි. ඒ වෙනුවට ඒ කාරණා ගැන හොඳ අවබෝධයක් ලබාගන්න ඕනේ. (එෆී. 3:18) ලේඛකයෙක් වන නෝම් චොම්ස්කි මේ වගේ දෙයක් කිව්වා. “සත්‍යය මෙන්න මේකයි කියලා ඔයාගේ මනසට දාන්න වෙන කාටවත් බැහැ. ඒක ඔයාම හොයාගන්න ඕනෙ දෙයක්.” එහෙමනම් “දිනපතාම ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කරලා” සත්‍යය මොකක්ද කියලා ඔයාම හොයන්න.—ක්‍රියා 17:11.
ඔයා කාරණා ගැන හිතලා බලලා, ඒවාවල ඇත්ත නැත්ත සෝදිසි කරලා බලනවාට හිතෝ. 14:15) බුද්ධිමත් විදිහට හිතන්න දෙවි ඔයාට දීලා තියෙන හැකියාව පාවිච්චි කරලා සත්‍ය ඉගැන්වීම් ගැන තියෙන විශ්වාසය තව වැඩි කරගන්න.—හිතෝ. 2:10-15; රෝම 12:1, 2.
සාතන් කැමති නැහැ. ඒ ඇයි? පොතක මේ වගේ අදහසක් සඳහන් වෙනවා. මිනිසුන් “කාරණා ගැන හිතලා බලන්නේ නැත්නම්” බොරු ප්‍රචාරයන් පතුරුවන එකේ “අරමුණ ඉටු කරගන්න ලේසියි.” (Media and Society in the Twentieth Century) ඒ නිසා කනට වැටෙන හැම දේම විශ්වාස කරන්න ඉක්මන් වෙන්න එපා. (බෙදීම් ඇති කරන්න ඉඩ දෙන්න එපා
බොරු ප්‍රචාරවලට රැවටෙන සොල්දාදුවෙක් බය වෙනවා. මානසිකව වැටෙනවා. තමන්ගේ පැත්තේ අය එක්ක ආරවුල් ඇති කරගන්නත් සේනාවෙන් වෙන් වෙලා ඉන්නත් එයා පෙලඹෙනවා. ජර්මනියේ හමුදා ජෙනරාල්වරයෙක් කිව්වේ 1වෙනි ලෝක යුද්දෙදී ජර්මනිය පරදින්න ප්‍රධාන හේතුවක් වුණේ බොරු ප්‍රචාරයන් කියලා. ඒවාට මිනිසුන් කොච්චර රැවටුණාද කියනවා නම් සතුරන්ගේ අරමුණ අපි ලවාම ඉටු කරගත්තා කියලත් එයා කිව්වා. සාතන්ට විරුද්ධව සටන් කරන්න අපිට තියෙන අධිෂ්ඨානය නැති කරලා දාන්න ඒ වගේ උපක්‍රම එයා පාවිච්චි කරනවා. උදාහරණෙකට සාතන් අපි අතරේ බෙදීම් ඇති කරන්න උත්සාහ කරනවා. නැත්නම් සංවිධානය දේවල් කරන විදිහ අසාධාරණයි කියලා හිතන්න පොලඹවනවා. එයාට ඕනෙ අපිව සංවිධානයෙන් ඈත් කරන්න.
සාතන්ට රැවටෙන්න එපා! බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න. සාමය රැකගන්න. බයිබලේ අපිට උනන්දු කරන්නේ මතගැටුම් ඉක්මනින්ම විසඳගෙන “මුළු හදවතින්ම සමාව දෙන්න” කියලයි. (කොලො. 3:13, 14; මතෙ. 5:23, 24) සභාවෙන් ඈත් වෙන්න එපා කියලත් අපිට කියනවා. (හිතෝ. 18:1) සාතන්ගේ අදහස්වලට විරුද්ධව සටන් කරන්න ඔයා ලෑස්ති පිට ඉන්නවාද කියලා බලන්න. මේ ප්‍රශ්නේ ගැන හිතන්න. ‘අන්තිම පාරට සහෝදරයෙක් මගේ හිත රිද්දපු වෙලාවේ මං වැඩ කළේ යෙහෝවා දෙවි සතුටු වෙන විදිහටද නැත්නම් සාතන් සතුටු වෙන විදිහටද?’—ගලා. 5:16-26; එෆී. 2:2, 3.
පක්ෂපාතකම නැති කරන්න ඉඩ දෙන්න එපා
නායකයාට පක්ෂ නැති සොල්දාදුවෙක් හොඳට සටන් කරන්නේ නැහැ. ඒක දන්න සතුරා සොල්දාදුවන්ට නායකයන් ගැන තියෙන විශ්වාසය නැති කරන්න බොරු පතුරුවනවා. නායකයන් අතින් යම් වරදක් වුණොත් සතුරා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් මේ වගේ දේවල් කියනවා. ‘එයාලව විශ්වාස කළොත් ඔයාලටත් මැරෙන්නයි වෙන්නේ.’ සාතනුත් ඒ උපක්‍රමය
පාවිච්චි කරනවා. තමන්ගේ සෙනඟට මඟ පෙන්නන්න දෙවි පත් කරලා තියෙන සහෝදරයන් ගැන ඔයාට තියෙන විශ්වාසය නැති කරලා දාන්නයි සාතන් උත්සාහ කරන්නේ.ඒ උපක්‍රමයෙන් ආරක්ෂා වෙන්න ඔයාට පුළුවන් කොහොමද? දෙවිගේ සංවිධානය එක්කම ඉන්න අදිටන් කරගන්න. පෙරමුණ ගන්න සහෝදරයන් අතින් අඩුපාඩුකම් වෙයි. ඒත් දිගටම එයාලට ළැදිව ඉන්න. (1 තෙස. 5:12, 13) සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අය සංවිධානයට මඩ ගහයි. (තීත. 1:10) එයාලා කියන දේවල් ඇත්ත වගේ පේන්නත් පුළුවන්. ඒත් “ඉක්මන් වී ක්‍රියා නොකරන්න. මනස අවුල් කර නොගන්න.” (2 තෙස. 2:2) මේ උපදෙස අදාළ කරගන්න. ‘ඔබ ඉගෙනගත්ත දේවල් දිගටම පිළිපදින්න. මන්ද ඒ දේවල් ඔබට ඉගැන්වූ අයව සැක කිරීමට කිසි හේතුවක් නැත.’ (2 තිමෝ. 3:14, 15) අවුරුදු 100කට කිට්ටු කාලයක් පුරා අපිට සත්‍ය ඉගැන්වීම් පැහැදිලි කරලා දෙන්න යෙහෝවා දෙවි පාවිච්චි කරන්නේ විශ්වාසවන්ත දාසයාවයි කියලා කියන්න මොන තරම් හේතු තියෙනවාද! ඒ හේතු ගැන හොඳට හිතන්න.—මතෙ. 24:45-47; හෙබ්‍රෙ. 13:7, 17.
බය වෙන්න එපා
මිනිසුන්ව නොමඟ යවන්න එයාලව බය ගන්වන තොරතුරු පතුරුවන එක ඈත අතීතයේ ඉඳලා පාවිච්චි කරපු උපක්‍රමයක් කියලා පොතක සඳහන් වෙනවා. (Easily Led—A History of Propaganda) ඇසිරියානු හමුදාව පාවිච්චි කළෙත් ඒ උපක්‍රමය කියලා මහාචාර්ය ෆිලිප් ටේලර් සඳහන් කළා. අපිව වට්ටන්න සාතනුත් ඒ උපක්‍රමය පාවිච්චි කරනවා. මිනිසුන්ට, විරුද්ධවාදිකම්වලට, මරණයට තියෙන බය අවියක් කරගන්න සාතන් උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිට අපි කරන සේවය නවත්තන්නයි.—යෙසා. 8:12; යෙරෙ. 42:11; හෙබ්‍රෙ. 2:15.
ඔයාගේ මනසට පහර දෙන්න ඒ අවිය පාවිච්චි කරන්න සාතන්ට ඉඩ දෙන්න එපා. යේසුස් මෙහෙම කිව්වා. “සමහරුන් ඔබව මරා දමයි. ඔවුන්ට කරන්න පුළුවන් එපමණයි. ඊට වඩා වැඩි දෙයක් කරන්න ඔවුන්ට බැහැ. එවැනි අයට භය වෙන්න එපා.” (ලූක් 12:4) ඔයාව රැකබලා ගන්නවා කියලා දෙවි දීලා තියෙන පොරොන්දුව ඔහු ඉටු කරනවාමයි. දෙවි “සාමාන්‍යය ඉක්මවූ බලය” ඔයාට දීලා සාතන්ට විරුද්ධව සටන් කරන්න ඔයාට උදව් කරනවා කියලා නිසැක වෙන්න.—2 කොරි. 4:7-9; 1 පේතෘ. 3:14.
සමහර වෙලාවට ඔයාට බයක් දැනෙයි. තවත් නම් සටන් කරන්න බැහැ කියලා හිතෙයි. ඒ වගේ වෙලාවට දෙවි කිව්ව මේ දේ මතක් කරගන්න. ‘ධෛර්යවත්ව, එඩිතරව සිටින්න. ඔබ කොතැනකට ගියත් ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි. එහෙයින් භය නොවන්න. තැති නොගෙන එඩිතරව සිටින්න.’ (යොෂු. 1:9) කනස්සල්ලක් දැනෙද්දී ඒ මොහොතේම දෙවිට ඒ ගැන කියන්න. ‘දෙවි ලබා දෙන සමාදානය ඔයාගේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වෙයි.’ එතකොට සාතන්ගේ අදහස්වලට විරුද්ධව ඉන්න අවශ්‍ය ශක්තිය ඔයාට ලැබෙයි.—ෆිලි. 4:6, 7, 13.
දෙවිගේ සෙනඟව බය ගන්වන්න රබ්ෂාකේ කියපු බොරු දේවල් ඔයාට මතකද? යුදෙව්වන්ව ඇසිරියානුවන්ගේ අතින් යෙහෝවා දෙවිටවත් බේරාගන්න බැහැ කියන අදහස එයාලගේ හිත්වලට දාන්නයි රබ්ෂාකේට ඕනෙ වුණේ. යෙරුසලම විනාශ කරන්න අණ දුන්නේ යෙහෝවා දෙවිමයි කියලත් එයා කිව්වා. දෙවි ඒ ගැන කිව්වේ මොනවාද? “ඇසිරියාවේ රජුගේ සේවකයෝ මට අපහාස කරමින් කී දේවලට භය නොවන්න.” (2 රාජා. 18:22-25; 19:6) ඊටපස්සේ දෙවි දේවදූතයෙක්ව එවලා එක රැයකින් ඇසිරියානු භටයන් 1,85,000ක් මරලා දැම්මා.—2 රාජා. 19:35.
යෙහෝවා දෙවිට සවන් දෙන්න
ඔයා ෆිල්ම් එකක් බලද්දී දකිනවා කෙනෙක් තව කෙනෙක්ව රවට්ටනවා. ඒ වෙලාවට ඔයාට හිතෙයි ‘අහු වෙන්න එපා! එයා කරන්නේ බොරුවක්’ කියලා කෑගහලා කියන්න. ඒ වගේ “සාතන්ගේ බොරුවලට අහු වෙන්න එපා” කියලා දේවදූතයනුත් කෑගහලා කියනවා.
සාතන්ගේ බොරු ප්රචාරයන්ට රැවටෙන්න එපා. (හිතෝ. 26:24, 25) ඒ වෙනුවට යෙහෝවා දෙවිට සවන් දීලා ජීවිතේ හැම කාරණයකදීම ඔහු ගැන විශ්වාසය තියලා වැඩ කරන්න. (හිතෝ. 3:5-7) දෙවි ඔයාට ගොඩක් ආදරෙයි. ඔහු ඔයාට මෙහෙම කියනවා. ‘මාගේ පුත්‍රය, ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න.’ (හිතෝ. 27:11) එහෙම කරනවා නම් මනස ආරක්ෂා කරගන්න කරන සටන ජය ගන්න ඔයාට පුළුවන්.