ඔයා හිතන්නේ මොකක්ද?
දෙවියන්ගේ යාළුවෙක් වෙන්න බයිබලයේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයිද?
සමහරු හිතනවා . . .
එයාලා පව්කාරයන් නිසා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න එයාලට බැහැ කියලා. තවත් අය කියන්නේ දෙවියන් එයාලා ගැන සැලකිලිමත් නැහැ කියලයි. ඔයා හිතන්නේ මොකක්ද?
බයිබලයේ කියන්නේ මෙහෙමයි
‘අවංක අයට දෙවියන් ළංව සිටිනවා.’ (හිතෝපදේශ 3:32) අපි දෙවියන්ට කීකරු වෙනවා නම් අපිට පුළුවන් ඔහුගේ යාළුවන් වෙන්න.
බයිබලයේ මෙහෙමත් කියනවා
දෙවියන් කැමතියි අපේ යාළුවෙක් වෙන්න.—යාකොබ් 4:8.
කිට්ටු යාළුවෙක් වගේ දෙවියන් අපිට උදව් කරන්නත් අපේ වැරදිවලට සමාව දෙන්නත් කැමැත්තෙන් ඉන්නවා.—ගීතාවලිය 86:5.
දෙවියන්ගේ යාළුවන් ඔහු ප්‍රේම කරන දේවලට ප්‍රේම කරනවා. ඔහු පිළිකුල් කරන දේවල් පිළිකුල් කරනවා.—රෝම 12:9.