මුරටැඹ - පාඩම් කලාපය 2017 ජනවාරි 

2017 පෙබරවාරි 27 සිට අප්‍රියෙල් 2 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා

වෙනත් රටවලට ගිහින් සේවය කරන සහෝදරියන් හුඟදෙනෙක් ඒ තීරණය ගන්න කලින් ඒ ගැන හිටියේ දෙගිඩියාවෙන්. ඒත් එයාලා ධෛර්යය ඇති කරගත්තේ කොහොමද? ඒ සේවයෙන් එයාලා ඉගෙනගත්තේ මොනවද?

“යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න”

අපිට කරන්න බැරි දේවල් අපි වෙනුවෙන් කරන්න යෙහෝවා දෙවි සතුටුයි. ඒත් අපිට කරන්න පුළුවන් දේ අපි කරයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. කරන්න පුළුවන් දේ සහ බැරි දේ පැහැදිලිව හඳුනගන්න 2017 වාර්ෂික පදය උදව් වෙන්නේ කොහොමද?

තීරණ ගැනීමේ නිදහස දෙවිගෙන් ලැබුණ තෑග්ගක්

තීරණ ගන්න තියෙන නිදහස ගැන බයිබලේ කියන්නේ මොකක්ද? තීරණ ගන්න අනිත් අයට තියෙන නිදහසට ගරු කරන්න අපිට පුළුවන් කොහොමද?

තමන්ගේ සීමාව හඳුනගන්න එක වැදගත්ද?

සීමාව දැනගෙන වැඩ කරන කෙනෙක් කොයි වගේද? එහෙම කෙනෙක් නිහතමානියි කියන්නේ ඇයි?

ඔයාගේ සීමාව අමතක කරන්න එපා

තත්වයන් වෙනස් වෙද්දී, අනිත් අය අපිව විවේචනය කරද්දී අපිට ප්‍රශංසා කරද්දී, ඉස්සරහට මොනවා වෙයිද කියලා හරියටම දන්නේ නැති අවස්ථාවලදී අපේ සීමාවෙන් පිට පනින්නේ නැතුව වැඩ කරන්න පුළුවන් කොහොමද?

“අසා දැනගත් දේවල් විශ්වාසවන්ත පුරුෂයන් අතරේ බෙදාගන්න”

සංවිධානයේ වගකීම් කරට ගන්න වයසින් අඩු සහෝදරයන්ට උදව් කරන්න වැඩිහිටි සහෝදරයන්ට පුළුවන් කොහොමද? අවුරුදු ගාණක් තිස්සේ පෙරමුණ අරන් වැඩ කරපු සහෝදරයන්ව අගය කරන්න වයසින් අඩු සහෝදරයන්ට පුළුවන් කොහොමද?

ඔබ දැන සිටියාද?

අතීතයේදී ගින්දර තැනින් තැනට අරන් ගියේ කොහොමද?