Skip to content

පටුනට යන්න

නොසන්සුන් ලොවක සන්සුන්ව ඉන්න නම් . . .

නොසන්සුන් ලොවක සන්සුන්ව ඉන්න නම් . . .

ඉස්සර විදෙස් පුවත්වල විතරක් අහන්න ලැබුණ මහා දරුණු දේවල් දැන් ඔයා ජීවත් වෙන ප්‍රදේශයේ අහළ පහළිනුත් ආරංචි වෙනවාද? උදාහරණෙකට මේ වගේ දේවල් නිසා ඔයාටත් ලොකු පීඩනයක් දැනෙනවාද?

  • යුද්ධ

  • වසංගත

  • ස්වාභාවික විපත්

  • දුප්පත්කම

  • උස් පහත් භේද

  • දරුණු අපරාධ

මේ වගේ දේවලට ගොදුරු වෙද්දී මිනිස්සු අසරණ වෙනවා. මුළු ජීවිතේම කැලඹිලා නොසන්සුන් හැඟීමක් ඇති වෙනවා. ඒත් ඒ සිතුවිලි දිගටම තියෙන්න ඉඩ දුන්නොත් ඒකෙන් වෙන්නේ ලොකු හානියක්.

ඒ නිසා ඒ වගේ හැඟීම්වලට යටපත් වෙන්න එපා. ඒ වගේ තත්වයක් මැද වුණත් ඔයා ආදරය කරන අයව, ඔයාගේ සෞඛ්‍යය, ඔයාගේ ජීවනෝපාය සහ ඔයාගේ සතුට රැකගන්න පුළුවන් හැම දේම කරන එක හරිම වැදගත්.

නොසන්සුන් ලෝකයක ජීවත් වුණත් සන්සුන්ව ඉන්න ඔයාට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද?