මරණයේදී සිදු වන්නේ කුමක්ද?
බයිබලයෙන් පිළිතුරක්
මරණයේදී සිදු වන්නේ කුමක්ද?
දෙවි මිනිසුන්ව මැව්වේ සදාකල් ජීවත් වෙන්න මිස මිය යන්න නොවෙයි. (රෝම 8:20, 21) යෙහෝවා දෙවි පළමු මිනිසා වූ ආදම්ට මුලින්ම මරණය ගැන පැවසූ අවස්ථාවේදී එය දෙවිට අකීකරු වුණොත් ලැබෙන දඬුවමක් බව දෙවි පෙන්වා දුන්නා. (උත්පත්ති 2:17) එහිදී මරණය කීමෙන් දෙවි අදහස් කළේ කුමක්ද යන වග ඔහුට වටහාගැනීමට අපහසු නොවුණේ ඔහු ඒ වන විටත් සතුන්ගේ මිය යෑම දැක තිබූ නිසයි.
ආදම්ට අවුරුදු 930ක් පමණක් ජීවත් වී මිය යන්න සිදු වුණේ ඔහු දෙවිට විරුද්ධව කළ පාපයට වන්දි ගෙවීමක් හැටියටයි. (උත්පත්ති 5:5; රෝම 6:23) ආදම් දෙවිට අකීකරු වූ නිසා ඔහුට දෙවිගේ අනුමැතියද අහිමි වුණා. (ද්විතීය කතාව 32:5) ආදම්ගෙන් පැවත එන්නන්ට එය බලපෑවේ කෙසේද කියා බයිබලයේ පවසන්නේ මෙසේයි. “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් . . . සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය.”—රෝම 5:12.
මරණයේදී සිදු වන දේ
බයිබලයේ මෙවැන්නක්ද පවසනවා. “මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයන්ට සිදු වන දේ මෘගයන්ටත් සිදු වේ. එකම දෙයක් ඔවුන්ට සිදු වේ. එකෙක් නසින්නාක් මෙන් අනිකාද නසියි. එසේය, ඔවුන් සියල්ලන්ටම එක හුස්මකි. මෘගයාට වඩා මනුෂ්‍යයාට කිසි උතුම්කමක් නැත. මක්නිසාද සියල්ල නිෂ්ඵලය. සියල්ලෝම එක තැනකට යති. සියල්ලෝම ධූලියෙන් වී සියල්ලෝම ධූලියට හැරී යති.” (දේශනාකාරයා 3:19, 20) මෙහිදී ධූලියට හැරී යනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
එම පදයෙහි ‘ධූලියට හැරී යනවා’ කියා සඳහන් වන වදන් හා දෙවි ආදම්ට මුලින්ම පැවසූ වදන් සමානයි. ඔහු ආදම්ට පැවසුවේ “ඔබ ධූලිය, ධූලියට හැරී යන්නෙහිය” කියායි. (උත්පත්ති 3:19) මින් පැහැදිලි වෙන්නේ මරණයේදී මිනිසුන්ට හා සතුන්ට අත් වන්නේ එකම දෙය බවයි. අපි මිය යන විට නොමැරෙන යමක් ඉතිරි වන්නේ නැහැ. අපේ සිතුවිලි, හැඟීම් දැනීම් යන සෑම දෙයක්ම පාලනය වන්නේ මොළයෙන්. අපි මිය යන විට මොළයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම නතර වෙනවා. මොළයේ ක්‍රියාකාරිත්වය නැතිව හැඟීම්, දැනීම් සිතුවිලි හා මතකයන් පවතින්නේ නැහැ. කෙනෙකු මිය ගිය විට ඒ පුද්ගලයාට සිදු වන දේ ගැන බයිබලයේ පවසන්නේ මෙයයි. “ඔහුගේ හුස්ම නික්ම යයි. ඔහු ස්වකීය භූමියට හැරී යයි එදාම ඔහුගේ කල්පනා නැති වේ.”—ගීතාවලිය 146:4.
එසේනම් මිය ගිය පසු කෙනෙකුගේ තත්වය කොයි වගේද? බයිබලයේ ඊට පැහැදිලි පිළිතුරක් සපයනවා. “ජීවත් වන්නෝ තමන් නසින බව දනිති. එහෙත් මළාහු කිසිවක් නොදනිති. ඔවුන්ට විපාකයක් නැත. මක්නිසාද ඔවුන් ගැන සිහිවීම මතක නැති විය.” (දේශනාකාරයා 9:5) බයිබලයේ මරණය හඳුන්වන්නේ “අන්තිම සතුරා” ලෙසයි. මන්ද එමගින් පුද්ගලයෙකුගේ සියලුම ක්‍රියාකාරකම් අවසානයකට ගෙන එන නිසයි. (1 කොරින්ති 15:26; දේශනාකාරයා 9:10) මින් අදහස් කරන්නේ මරණයෙන් පසු කෙනෙකුට කිසිම බලාපොරොත්තුවක් නැති බවද?
ප්‍රීතිමත් බලාපොරොත්තුවක්
මරණය තද නින්දකට සමාන කරන්න පුළුවන්. තද නින්දක පසු වන අයව නැවතත් අවදි කළ හැකි වෙනවා සේම මරණ නින්දේ පසු වන මිලියන ගණන්දෙනාවද නැවතත් අවදි කළ හැකියි. යේසුස්ගේ මිතුරෙක් වූ ලාසරුස් මිය ගිය විට ඔහු තම ගෝලයන්ට මෙසේ පැවසුවා. “අපේ මිත්‍ර ලාසරුස් නිදාගෙන සිටියි. නමුත් මම ඔහුව නින්දෙන් අවදි කරන්න එතැනට යමි.” යේසුස්, ලාසරුස්ගේ සොහොන අසලට ගොස් එය අරින්න සලස්වා “ලාසරුස්, පිටතට එන්න!” කියා හඬගැසුවා. දින හතරකට පෙර මිය ගිය ඔහු ඒ මොහොතේදීම සොහොන් ගෙයින් පිටතට ආවා. (යොහන් 11:11-14, 39, 43, 44) ඒ වන විටත් ඔහුගේ මෘත දේහය කුණු වීමට පටන්ගෙන තිබෙන්න ඇති. නමුත් යේසුස් ඔහුව නැවත නැඟිටුවීමෙන් පෙන්නුම් කළේ මිය ගිය පුද්ගලයෙකුව නැවත ඔහුගේ පෙනුම, පෞද්ගලිකත්වය යන සෑම දෙයක්ම ඇතුව නැඟිටුවිය හැකි බවයි. එසේ කළ හැක්කේ ඔහු පිළිබඳ සියලු තොරතුරු දෙවිගේ මතකයේ තිබෙන නිසයි. තවත් අවස්ථාවක යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. ‘සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණ පිටතට එන්නෝය.’—යොහන් 5:28, 29.
බයිබලයේ අපිට මෙවැනි සහතිකයක්ද ලබා දෙනවා. “අන්තිම සතුරා වන මරණය නැති කර දමන්නේය.” (1 කොරින්ති 15:26) ඉන්පසුව කවදාවත් අපි ආදරය කරන අය මිය යන්නේ නැහැ. බයිබලයේ පවසන්නේ “මරණය තවත් නොවන්නේය” කියායි. (එළිදරව් 21:4) මරණයේදී සිදු වන දේ පිළිබඳව බයිබලයේ පවසන දේ ඇත්තටම සහනයක් නොවෙයිද!
මේ ගැන ඔබ සිතුවාද?
▪ මිය ගිය කෙනෙකුට සිහිකල්පනාව තිබෙනවාද?—දේශනාකාරයා 9:5.
▪ මිය ගිය අයට කිසිම බලාපොරොත්තුවක් නැද්ද?—යොහන් 5:28, 29.
[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ඔහුගේ හුස්ම නික්ම යයි. ඔහු ස්වකීය භූමියට හැරී යයි. එදාම ඔහුගේ කල්පනා නැති වේ.”—ගීතාවලිය 146:4.