Skip to content

පටුනට යන්න

ඇය තම විශ්වාසය වෙනුවෙන් කතා කළා

ඇය තම විශ්වාසය වෙනුවෙන් කතා කළා

ඇය තම විශ්වාසය වෙනුවෙන් කතා කළා

▪ පළමු වසරේ ඉගෙනුම ලබන හත් හැවිරිදි මෝගන් නමැති දැරියට පාසැල් නිවාඩු කාලයේදී නත්තල පිළිබඳ කතන්දරයක් කියවන්න කියා ගුරුතුමිය පැවසුවා. නමුත් නත්තල බයිබලයේ ඉගැන්වීම්වලට පටහැනි බව ඇය ගුරුවරියට පැහැදිලි කළා. පසුව එම ගුරුවරිය ඇය කැමති වෙනත් කතන්දරයක් කියවීමට අවසර දුන්නා.

ඊට ටික කලකට පසු පාසැලේ සම්මාන ප්‍රධානෝත්සවයක් පැවැත්වුණු අතර ඊට මෝගන්ගේ පවුලේ අයටත් ආරාධනා කළා. එහිදි මෝගන්ව පුදුමයට පත් කරවමින් ඇයටත් සම්මානයක් හිමි වුණා. ඒ ඇය තම ආගමික විශ්වාසයන් වෙනුවෙන් නිර්භීතව කතා කළ නිසයි. එතරම් නිර්භීතකමක් ඇයට ලැබුණේ කෙසේද කියා එදා ඇයගෙන් විමසුවා. ඇය පැවසුවේ, යේසුස්ගේ ජීවිතය හා ඉගැන්වීම් අඩංගු උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොත ඇය තම පවුලේ අය සමඟ කියවීම ඊට හේතුව බවයි.

කදිම උදාහරණ ඇතුළත් පිටු 256කින් යුත් එම පොතේ දෙමාපියන්ට තම දරුවන් සමඟ හොඳ සාකච්ඡාවන් ආරම්භ කිරීම සඳහා විවිධ විෂයන් අඩංගු වී තිබෙනවා. ඉන් කිහිපයක් නම් “අපි බොරු කියන්න හොඳ නැත්තේ ඇයි,” “හැම සාදයකටම දෙවි කැමතිද” සහ “අපට දැනෙන භයෙන් ගොඩ ඒමට උපකාර” යන්නයි.

මෙහි පිටපතක් ගෙන්වාගැනීම සඳහා පහත සඳහන් කූපනයේ ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි දැක්වෙන පොත පමණක් ලබාගැනීමට කැමතියි.

□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.