Skip to content

පටුනට යන්න

‘තොරතුරු විස්තර කර ඇති ආකාරය විශිෂ්ටයි’

‘තොරතුරු විස්තර කර ඇති ආකාරය විශිෂ්ටයි’

‘තොරතුරු විස්තර කර ඇති ආකාරය විශිෂ්ටයි’

● මෑතකදී තමන් කියවූ පොතක් ගැන ඇමරිකාවේ ජීවත් වන එක් පුද්ගලයෙකුගේ අදහස වුණේ එයයි. තමන් කියවූ පොත ගැන ඔහු මෙසේ පවසනවා. “මට අවුරුදු 56යි. මම උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු කියන පොත කියවලා ඉවර කළා විතරයි. මේ පොතේ තියෙන තොරතුරු විස්තර කරලා තියෙන විදිහ විශිෂ්ටයි. පාවිච්චි කරලා තියෙන උදාහරණත් හරිම ලස්සනයි. මට දරුවෙක් හරි මුනුපුරෙක් හරි හිටියා නම් මම මේ පොතේ තියෙන කතාන්දර විතරක් නෙවෙයි ඒකේ තියෙන පින්තූරවලිනුත් යමක් දරුවන්ට කියලා දෙයි.”

එම පොත ගැන ඇමරිකාවේ වෙසෙන කාන්තාවක්ද මෙසේ පැවසුවා. “මගේ අක්කගේ දුව මේ පොත එයාගේ යාළුවන්ට පෙන්නන්න ඒක ඉස්කෝලෙට අරන් ගියා. එයාට අවුරුදු හයයි. දුව පන්තියේ ළමයින්ට කතාවක් කියලා දුන්නාට පස්සේ පන්තියේ ගුරුවරියට ඒ ගැන පුදුම හිතුණා. ඒ නිසා ඇය හැමදාම පන්තියේ ළමයින්ට ඒ පොතෙන් කතාවක් කියලා දෙන්න කියලා දුවට කිව්වා. පන්තියේ ළමයින්ටත් ගුරුතුමියටත් මේක මොන තරම් කදිම සාක්ෂියක්ද!”

ලස්සන උදාහරණ ඇති පිටු 256කින් යුත් මෙම ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

[32වන පිටුවේ පින්තූරය]

සමරිතානුවරයා හොඳ අසල්වැසියෙක් කියා පවසන්නේ ඇයි?