Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

දේවරාජ්‍යය

දේවරාජ්‍යය

දේවරාජ්‍යය කියන්නේ මිනිසුන්ගේ හිත්වල තියෙන දෙයක්ද?

“දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ඔබට තව වැඩි දුර යන්න අවශ්‍ය නැහැ.”—මාක් 12:34.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

දේවරාජ්‍යය කියන්නේ මිනිසුන්ගේ හිතේ තියෙන දෙයක්.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දේවරාජ්‍යය කියන්නේ ඇත්තම ආණ්ඩුවක් මිසක් මිනිසුන්ගේ හිතේ තියෙන දෙයක් නෙමෙයි. ඉදිරියේදී ඒ ආණ්ඩුවෙන් මුළු පොළොවම පාලනය කරන්වා.—ගීතාවලිය 72:8; දානියෙල් 7:14.

එහෙමනම් “දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ඇතුළේය” කියලා යේසුස් කිව්වා කියලා සමහර බයිබල් පරිවර්තනවල සඳහන් වෙන්නේ ඇයි? (ලූක් 17:21, පැරණි අනුවාදය) ඒක තේරුම්ගන්න යේසුස් ඒ දේ කිව්වේ කාටද කියලා අපි මුලින්ම බලමු. මේ අවස්ථාවේදී යේසුස් කතා කළේ කුහක පරිසිවරුන්ටයි. ඔවුන්ගේ නමස්කාරය දෙවියන් පිළිගත්තෙ නැහැ. ඔවුන් දේවරාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ කියලත් යේසුස් කිව්වා. (මතෙව් 23:13) ඒ හේතු නිසා දේවරාජ්‍යය ඔවුන්ගේ හිත ඇතුලෙ තිබුණා කියලා යේසුස් කොහොමටවත් අදහස් කළේ නැතුව ඇති. යේසුස් පැවසූ දේ වෙනත් පරිවර්තනයක සඳහන් වෙන්නේ “දෙවිගේ රාජ්‍යය තිබෙන්නේ ඔබ අතරෙහියි” කියලයි. (ලූක් 17:21, නව ලොව පරිවර්තනය) ඒකෙන් ඔහු අදහස් කළේ අනාගතයේදී දේවරාජ්‍යයේ රජු වෙන්න යන ඔහු, ඔවුන් අතරේ ඉන්නවා කියන එකයි.

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

“ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!”—මතෙව් 6:10.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දේවරාජ්‍යය කියන්නේ දෙවියන් ඇති කරපු ඇත්ත ආණ්ඩුවක්. ඒකේ පාලකයා යේසුස්. (මතෙව් 28:18; 1 තිමෝති 6:14, 15) දෙවියන් ඒ ආණ්ඩුව ඇති කළේ ස්වර්ගයෙත් පොළොවෙත් දෙවියන්ගේ කැමැත්ත ඉටු කිරීමේ අරමුණින්. (මතෙව් 6:10) දේවරාජ්‍යය මගින් මිනිසුන්ට තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳනවා. මිනිස් ආණ්ඩුවලට ඒක කවදාවත් කරන්න බැහැ.

දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී පොළොව පාරාදීසයක් වෙනවා. ඒ කාලයේදී හැමෝටම සාමයෙන්, කිසිම භයක් සැකක් නැතුව, කිසිදෙයකින් අඩුවක් නැතුව ජීවත් වෙන්න ලැබෙනවා. (ගීතාවලිය 46:9; යෙසායා 35:1; මීකා 4:4) කිසි කෙනෙක් අසනීප වෙන්නෙවත් මැරෙන්නෙවත් නැහැ. (යෙසායා 33:24; එළිදරව් 21:4) මහලු වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට මහලු අයගේ “සම දරුවෙකුගේ සමට වඩා මෘදු වන්නේය. ඔහු නැවත තරුණ වියට පැමිණෙන්නේය” කියලා බයිබලයේ කියනවා.—යෝබ් 33:25.

ඔබට කළ හැකි දේ ඔබ මොන රටකට මොන ජාතියකට අයිති වුණත් දෙවියන් කියන විදිහට ජීවත් වෙනවා නම් දේවරාජ්‍යයේ පුරවැසියෙක් වෙන්න ඔබටත් පුළුවන්.

‘දෙවියන් සියල්ලන්ටම එක හා සමානව සලකනවා. කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවියන් ඔහුව පිළිගන්නවා’ කියලා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—ක්‍රියා 10:34, 35.

මේ පොළොව දේවරාජ්‍යයක් කරන්න මිනිසුන්ට පුළුවන්ද?

“ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.”දානියෙල් 2:44.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

මිනිසුන්ව තමන්ගේ ආගමට හරවාගැනීමෙන් හරි ලෝක සාමය වෙනුවෙන් වැඩ කිරීමෙන් හරි මේ පොළොවේ දේවරාජ්‍යය පිහිටුවන්න පුළුවන්.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දේවරාජ්‍යය ඇති කරන්නේ දෙවියන් මිසක් මිනිසුන් නෙමෙයි. (දානියෙල් 2:44) “මා තෝරාගත් තැනැත්තාව මම රජකමට පත් කළෙමි” කියා දෙවියන්ම කිව්වා. (ගීතාවලිය 2:6) දේවරාජ්‍යය මගින් මේ පොළොව පාලනය කරන්නේ ස්වර්ගයේ සිටයි. ඒ නිසා ඒ පාලනයට ඇඟිලි ගහන්න මිනිසුන්ට බැහැ.—මතෙව් 4:17.

මේ තොරතුරු ඔබට වැදගත්.

මේ පොළොවේ සාමයෙන් එකමුතුව ජීවත් වෙන එක මිනිසුන්ගේ සිහිනයක්. ඒ සිහිනය සැබෑවක් කරගන්න සමහරවිට ඔබත් මහන්සි වෙනවා ඇති. ඒත් ඒ මහන්සිය අපතේ යද්දී ඔබ කලකිරෙනවත් ඇති. දෙවිගේ රාජ්‍යයට පුළුවන් ඔබේ සිහින සැබෑ කරන්න. ඒ නිසා දේවරාජ්‍යයේ යටත් වැසියෙක් වෙලා ඒ වෙනුවෙන් ඔබට කළ හැකි දේවල් කරන්න. එහෙම කළොත් ඔබට සැබෑ සන්තෝෂය ලැබෙයි.