Skip to content

පටුනට යන්න

ඔබටත් සෑම දවසක්ම ‘උත්සව දවසක්ද?’

ඔබටත් සෑම දවසක්ම ‘උත්සව දවසක්ද?’

“නිතරම සිත්තැවුලෙන් සිටින්නාට සෑම දවසක්ම නරකය. එහෙත් සතුටු සිතින් සිටින්නාට සෑම දවසක්ම උත්සව දවසක් මෙනි.”—හිතෝපදේශ 15:15.

ඒ වචනවලින් විස්තර කරන්නේ කෙනෙක් හිතන විදිහ ගැනයි. ‘සිත්තැවුලෙන් සිටින්නාට සෑම දවසක්ම නරක’ වෙන්නේ ඔහු හැම දෙයක් දිහාම අශුභවාදීව බලන නිසයි. ඒ නිසා ඔහු ජීවත් වෙන්නේ දුකෙන්. ඒත් ‘සතුටු සිතින් සිටින්නා’ හැම දෙයක් දිහාම බලන්නේ ශුභවාදී විදිහටයි. ඒ නිසා ඔහු ජීවත් වෙන්නේ සතුටින්. ඔහුට හැම දවසක්ම “උත්සව දවසක්” වගෙයි.

අපි මුහුණ දෙන ප්‍රශ්න ගැටලු නිසා සමහර අවස්ථාවලදී අපේ සතුට අහිමි වෙනවා. ඒත් සතුටින් ඉන්න අපිට යම් දේවල් කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් බයිබලයේ දී තියෙන උපදෙස් බලන්න.

  • හෙට ගැන හිතලා අද හිත බර කරගන්න එපා. යේසුස් කිව්වේ “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි. හැම දවසකම කරදර තිබෙන බව මතක තබාගන්න” කියායි.—මතෙව් 6:34.

  • ඔබේ ජීවිතේට ලැබුණු හොඳ දේවල් ගැන හිතන්න. ඔබට දුකක් දැනෙන අවස්ථාවලදී ඒ දේවල් කොළේක ලියා ගෙන ඒ ගැන කල්පනා කරන්න. ඔබ අතින් සිදු වුණු වරදක් ගැන ඕනෑවට වඩා හිතහිතා පසුතැවෙන්න එපා. රියදුරෙක් පිටුපස කණ්ණාඩිය දිහා වරින් වර බැලුවත් ඒ දෙසම බලාගෙන රිය පදවන්නේ නැහැ වගේ වෙච්ච වැරදිවලින් පාඩමක් ඉගෙනගෙන හෙට දවස ගැන හිතන්න. දෙවියන් “මුළු හදින්ම” සමාව දෙනවා කියන එකත් අමතක කරන්න එපා.—යෙසායා 55:7.

  • දුක දරාගන්න බැහැයි කියලා දැනෙනවා නම් ඔබට ආදරය කරන කෙනෙකුට ඒ ගැන කියන්න. “මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි. නමුත් දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 12:25) ඒ වගේ දිරිගන්වනසුලු වචන ඔබේ පවුලේ අයගෙන් හෝ ඔබව විවේචනය නොකරන, ඔබව පහත් නොකරන ප්‍රේමණීය මිතුරෙක්ගෙන් අහන්න ලැබෙයි.—හිතෝපදේශ 17:17.

බයිබලයේ සඳහන් නැණවත් වදන් ජීවිතේ සතුටෙන් ගත කරන්න හුඟක් අයට උපකාරවත් වෙලා තියෙනවා. ඔබටත් ඒ අගනා වදන්වලින් සහනයක් ලැබේවා!