Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

කොයි කාටත් ගැළපෙන වෙබ් අඩවියක්

කොයි කාටත් ගැළපෙන වෙබ් අඩවියක්
  • භාෂා 50කින් පමණ බයිබලය සහ භාෂා 500කට වඩා වැඩි ප්‍රමාණයකින් බයිබලය මත පදනම් ප්‍රකාශන

  • සංඥා භාෂා 70කින් පමණ වීඩියෝ දර්ශන

  • භාෂා සිය ගණනකින් ගවේෂණය සඳහා තොරතුරු

  • පටිගත කළ බයිබල් නාට්‍යය

  • බයිබලයේ ඇති සැබෑ සිදුවීම් ඇතුළත් චිත්‍ර කතා

  • අභියෝග ජය ගැනීමට උදව් වන බයිබල් නාට්‍යය හා වීඩියෝ

  • නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකි පොත් පත්, සඟරා සහ ඕඩියෝ ෆයිල්

  • භාෂා සියයකට වඩා වැඩි ගණනකින් විවිධ විෂයන් ගැන තොරතුරු පර්යේෂණය කිරීමට වෙබ් අඩවියේ පුස්තකාලයක්

විවාහකයන්ට

“මං ආසයි හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. ඒත් අපේ පවුලේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. දරුවෝ ලැබුණට පස්සේ ඒවා තවත් වැඩි වුණා. ඒවා විසඳගන්න අපිට උදව් ඕනේ”

බයිබලයේ සඳහන් දේ

“ප්‍රඥාවෙන් නිවසක් ගොඩනැඟෙයි. වටහාගැනීමේ හැකියාවෙන් එය ස්ථිරව පිහිටුවනු ලැබේ.”හිතෝපදේශ 24:3.

වෙබ් අඩවියේ ප්‍රයෝජනවත් අංග

“විවාහක යුවළට සහ දෙමාපියන්ට” යන කොටසින් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ඔබට උපකාර ලබාගන්න පුළුවන්. ඒවායින් කිහිපයක් නම්,

  • යුග දිවියේ මුල් වසර සාර්ථක කරගන්නේ කොහොමද?

  • නැන්දම්මා සහ මාමණ්ඩි සමඟ කල් ගෙවන්නේ කොහොමද?

  • දරුවන්ව පුහුණු කරන්නේ කොහොමද?

  • බහින් බස් වීමක් වළක්වගන්නේ කොහොමද?

  • මුදල් ප්‍රශ්න විසඳගන්නේ කොහොමද?

(බයිබල් ඉගැන්වීම් > විවාහක යුවළට සහ දෙමාපියන්ට යටතේ බලන්න)

දෙමව්පියන්ට

“මගේ දරුවෝ තරම් වටිනා වස්තුවක් මේ ලෝකේ මට තවත් නෑ. දරුවෝ ගැන කවදා හරි දවසක ආඩම්බර වෙන්න පුළුවන් විදිහට මට එයාලව හදාගන්න ඕනේ”

බයිබලයේ සඳහන් දේ

“දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.”හිතෝපදේශ 22:6.

වෙබ් අඩවියේ ප්‍රයෝජනවත් අංග

“දරුවන්” යන කොටසේ ඇති බයිබලයෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම්, චිත්‍ර කතා, වීඩියෝ හා ක්‍රියාකාරකම් පිටු යොදාගෙන දරුවන්ට වටිනා පාඩම් උගන්වන්න පුළුවන්. ඒවායින් කිහිපයක් නම්,

  • කීකරුකම

  • කරුණාවන්තකම

  • එකමුතුකම

  • ස්තුතිවන්ත වීම

(බයිබල් ඉගැන්වීම් > දරුවන් යටතේ බලන්න)

‘මගේ බයිබල් කතන්දර පොත’ සහ ‘උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු’ යන ලස්සන පින්තූර ඇතුළත් පොත් සකස් කරලා තියෙන්නේ ඔබේ දරුවන් සමඟ කියවන්න පුළුවන් විදිහටයි.

(ප්‍රකාශන > පොත්/මාසික නොවන සඟරා යටතේ බලන්න)

යෞවනයන්ට

“හැමෝම එක්ක පෑහිලා ඉන්නෙ කොහොමද, ඉස්කෝලෙදි ප්‍රශ්නවලට මුහුණ දෙන්නෙ කොහොමද කියලා දැනගන්න මං ආසයි. හැබැයි ඒ ගැන ලොකු දේශන දෙනවාට මං කැමති නැහැ. මොකද මං පොඩි ළමයෙක් නෙමෙයි”

බයිබලයේ සඳහන් දේ

“යොවුන් වියේදී ප්‍රීති වන්න.”දේශනාකාරයා 11:9.

වෙබ් අඩවියේ ප්‍රයෝජනවත් අංග

“යෞවනයන්ට” යන කොටසේ ප්‍රයෝජනවත් ලිපි සහ වීඩියෝ දර්ශන බොහොමයක් තියෙනවා. එහි ඇති විෂයන් කිහිපයක් නම්,

  • තනිකම දරාගන්නේ කොහොමද?

  • ඉස්කෝලෙදි ඇති වෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද?

  • ගෙදර නීතිවලට යටත් වෙන්නේ කොහොමද?

  • ළමයින්ගේ අරියාදු සහ ලිංගික හිරිහැරවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?

(බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න)

‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 1වන සහ 2වන පොත්වලින් යෞවනයන් නිතර අසන ප්‍රශ්න 77කට පිළිතුරු සපයනවා.

(ප්‍රකාශන > පොත්/මාසික නොවන සඟරා යටතේ බලන්න)

බයිබලය ගැන දැනගන්න කැමති අයට

“මං ආසයි බයිබලය කියවලා තේරුම්ගන්න. ඒත් කොහොමද ඒක කරන්නේ කියලා මට තේරෙන්නෑ”

බයිබලයේ සඳහන් දේ

‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමට ප්‍රයෝජනවත්ය.’2 තිමෝති 3:16.

වෙබ් අඩවියේ ප්‍රයෝජනවත් අංග

‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ කියවන්න පහසු නිවැරදි බයිබල් පරිවර්තනයක්.

(ප්‍රකාශන > බයිබලය යටතේ බලන්න)

“බයිබලයෙන් උත්තර” යන කොටසේ “දුක් වේදනාවලට වග කියන්න ඕනේ දෙවියන්ද?” සහ “මැරුණට පස්සේ මොකද වෙන්නේ?” වැනි ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ලබා දී තියෙනවා.

(බයිබල් ඉගැන්වීම් > බයිබලයෙන් උත්තර යටතේ බලන්න)

නොමිලේ බයිබල් පාඩමක් කරන්න කැමති නම් “බයිබලය ගැන ඉගෙනගන්න” යන පිටුවෙන් ඒ ගැන ඔබට දැනුම් දෙන්න පුළුවන්.

(“බයිබලය ගැන ඉගෙනගන්න” යන මුල් පිටුවේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න)

“කියෙව්වට කිසිම දෙයක් තේරෙන්නෙ නැති නිසා මම බයිබලය කියවන එක නතර කෙරුවා. ඒත් ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතෙන් බයිබලය ඉගෙනගද්දී මට තේරුණා බයිබලය තේරුම්ගන්න ඒ තරම් අමාරු නැහැ කියලා.”—ක්‍රිස්ටිනා.

සෑම දිනකම 7,00,000ක් පමණ පුද්ගලයන් jw.org වෙබ් අඩවියට පිවිසෙනවා. ඔබටත් පුළුවන් ඒ වෙබ් අඩවියෙන් ප්‍රයෝජන ගන්න.