Skip to content

පටුනට යන්න

දස දෙසින්

ආසියාව ගැන විපරමක්

ආසියාව ගැන විපරමක්

ලෝකයේ වැඩිම ජනගහනයක් ඉන්නේ ආසියා මහද්වීපයෙයි. මොකද ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වඩා ඉන්නේ චීනයේ සහ ඉන්දියාවේ. ජනයාට දැනුම හා රැකවරණය ලබා දෙන්න ආසියාතික රටවල් මුහුණ දෙන අභියෝග මොනවාද?

දරුවන්ව දැනුවත් කිරීම අවශ්‍යයි

තමන්ව ආරක්ෂා කරගන්න විදිහ ගැන පුංචි කාලෙදීම දරුවන්ට කියලා දුන්නේ නැත්නම් ඔවුන් ලිංගික අතවරවලට හසු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා චීනයේ නීති ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් කියනවා. අවුරුදු හතරක කාලයක් ඇතුළත චීනයේ ළමා අපචාර නඩු 8,000ක් විතර විභාග කරලා තියෙනවා. බීජිංවල විශ්වවිද්‍යාලයේ නීතිවේදියෙකුත් කිව්වේ “දරුවන්ව ලිංගික අතවරවලින් ආරක්ෂා කරගන්න තියෙන හොඳම ක්‍රමය ඔවුන්ව දැනුවත් කිරීම” කියලයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. “වංචනික දේ කතා කරන තැනැත්තාගෙන්” ආරක්ෂා වෙන විදිහ ගැන බුද්ධිමත් දෙමාපියන් දරුවන්ට කියලා දෙනවා.—හිතෝපදේශ 2:1, 10-12.

ළදරු මරණ

පිලිපීනයේ චණ්ඩ මාරුතයකට පස්සේ ගත වෙන අවුරුද්ද තුළ මිය යන ළදැරියන්ගේ සංඛ්‍යාවේ සාමාන්‍යය, චණ්ඩ මාරුතයෙන් මිය යන සංඛ්‍යාව වගේ 15 ගුණයක් කියලා එක් අධ්‍යයනයකින් හෙළි වුණා. ඒකට හේතු වෙන්න ඇත්තේ විරැකියාව හා නැවත ගෙවල් ගොඩනැඟීමට මුදල් වැය වීම නිසා ප්‍රමාණවත් ආහාර හා සෞඛ්‍ය පහසුකම් ළදැරියන්ට ලබා නොදීමයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. “බඩගින්නේ සිටින අය සමඟ ඔබේ කෑම බෙදාගන්න. පීඩිත වූ අසරණ අයට ඔබේ නිවසේ රැකවරණය දෙන්න. නිර්වස්ත්‍රව සිටින කෙනෙකු දුටුවොත් ඔහුට අඳින්න වස්ත්‍රයක් දෙන්න.”—යෙසායා 58:7.

දිවි නසා ගන්නා මහලු අය

2011 වසරේදී දකුණු කොරියාවේ දිවි නසා ගත් අයගෙන් 25%කට වඩා වැඩිදෙනෙක් අවුරුදු 65ක් හෝ ඊට වඩා වයසින් වැඩි අයයි. එහෙම වෙන්නේ දරුවන් වැඩිහිටි දෙමව්පියන්ව රැක බලා නොගැනීම හා වැඩිහිටි අයගෙන් 50%ක් පමණ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීම වගේ හේතු නිසයි කියලා සමහර පර්යේෂකයන් කියනවා. වැඩිහිටි දෙමව්පියන්ව දරුවන් රැක බලා ගන්න ඕනේ කියලා දකුණු කොරියාවේ ජනගහයෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් දැන් තේරුම් අරගෙන තියෙනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.”—එෆීස 6:2.