Skip to content

පටුනට යන්න

“යෙහෝවාගේ නාමය පතළ කිරීමට”

“යෙහෝවාගේ නාමය පතළ කිරීමට”

“යෙහෝවාගේ නාමය පතළ කිරීමට”

මුළු ලෝ පුරාම මුරටැඹ සහ පිබිදෙව්! සඟරා අගය කිරීමට හේතු වී තිබෙන්නේ එහි ඇති සෑහීම ගෙන දෙන ආත්මික දීමනා සහ අධ්‍යාපනික වටිනාකම නිසයි. පහත දැක්වෙන්නේ, එම සත්‍යය තහවුරු කරමින් මෑතකදී ප්‍රංශයේ පාඨකයෙක් ලියා එවූ ලිපියක්.

“අප්‍රිකාවේ උපත ලැබූ මම වැඩිදුර අධ්‍යාපනයක් නොලත් තරුණියක්. මම ඔබගේ සඟරා කියවන්න පටන් අරගෙන වැඩි කාලයක් නැහැ. එහි තිබෙන විෂයන් මගේ සිත් ඇද බැඳගෙන තිබෙන අතර මට දැන් දැන් වැටහෙන කාරණයක් නම් කියවීමෙන් මොන තරම් ඵල ප්‍රයෝජන තිබෙනවාද යන්නයි. ඔබට ස්තුතිවන්ත වෙන්න මගේ වාග්මාලාව දැන් දියුණු වී තිබෙනවා. ඒ වගේම මට දැන් එතරම් වරද්දන්නේ නැතුව ලියුමක් ලියන්නත් පුළුවන්.

“ඔබ මිනිස් ජීවිතය, පෘථිවිය හා මැවුම්කරු යන සෑම මාතෘකාවක් සම්බන්ධයෙන්ම ලියා තිබෙන ලිපි දැක්කම මට පුදුම හිතෙනවා. මේ ලිපි හරි සරලයි. කොතරම් සරලද කිව්වොත් ඒ නිසා එම ලිපිවලට පුළුවන් කෙනෙකුව හොඳ කියවන්නෙකු කරන්න. සෑම තරාතිරමකම මනුෂ්‍යයන්ට එකම අවස්ථාවකදී මෙලෙස ඉගැන්වීමේ හැකියාව වෙන කිසිවෙකුට නැහැ.

“ඒ වගේම මට පුදුම හිතෙන තවත් දෙයක් නම් ඔබ මේ සියලු දේ කරන්නේ යෙහෝවාගේ නාමය පතළ කිරීමට මිස වෙන ආර්ථික වාසි ප්‍රයෝජන තකා නෙවෙයි කියන කාරණය. මම දන්නවා ඔබට දෙවිගේ අනුමැතිය තිබෙනවා කියලා. මම ඔබට ස්තුතිවන්ත වෙන්න කැමතියි. කරුණාකර දිගටම ඉගැන්වීමේ කටයුතුවල නිරත වීම සඳහා අවශ්‍ය ශක්තිය මැවුම්කරුගෙන් ලබාගන්න.”

වර්තමානයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුන්ගේ බයිබල් අධ්‍යාපන වැඩසටහන රටවල් 235ක දියත් කර තිබෙනවා. මුරටැඹ සඟරාව භාෂා 148කින්ද පිබිදෙව්! සඟරාව භාෂා 87කින්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම කලාප මුද්‍රණය කරනුයේ කිසිම මනුෂ්‍යයෙකුට ගෞරවයක් ගෙන ඒමේ අරමුණින් නෙවෙයි. මෙහි දක්නට තිබෙන බයිබලය මත පදනම් උපදෙස් සහ කාලෝචිත තොරතුරු සකසා තිබෙන්නේ මැවුම්කරුට ගෞරවය ගෙන ඒම සඳහායි. ඔහු මෙසේ පවසයි. “ප්‍රයෝජන ලබාගැනීමට ඔබට උගන්වන්නේ . . . දෙවි වූ යෙහෝවා වන මමය.” (යෙසායා 48:17) මෙම ආධාරක පොත් උපයෝගී කරගෙන දිනපතාම ශුද්ධ ලියවිල්ල කියවීම තුළින් ඔබට ප්‍රයෝජනයක් ලබාගත හැකි වේවා!