Skip to content

පටුනට යන්න

යේසුස්ගේ පැමිණීම ගැන අපි බිය විය යුතුද?

යේසුස්ගේ පැමිණීම ගැන අපි බිය විය යුතුද?

යේසුස්ගේ පැමිණීම ගැන අපි බිය විය යුතුද?

යේසුස්ගේ පැමිණීම කියා පවසන විට ඔබේ මනසේ ඇඳෙන්නේ මොන වගේ චිත්‍රයක්ද? ඔබ සිතන විදිහට යේසුස් පැමිණෙන්නේ මිනිසුන්ට දඬුවම් කර, මහත් විනාශයක් කරන්නද? එසේත් නැත්නම් අපි මුහුණ දෙන සියලුම ප්‍රශ්න ගැටලු විසඳන්නද? යේසුස්ගේ පැමිණීම ගැන අපි බිය විය යුතුද? නැත්නම් ඔහු පැමිණෙන කාලය දෙස මහත් ආශාවෙන් බලා සිටිය යුතුද?

යේසුස්ගේ පැමිණීම ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “බලන්න! ඔහු වලාකුළුවල එන්නේය. සියලු ඇස්ද . . . ඔහුව දකින්නෝය. පොළොවේ සියලු ගෝත්‍ර ඔහු නිසා ශෝකයෙන් පපුවට ගසාගන්නෝය.” (එළිදරව් 1:7) මෙහි සඳහන් ආකාරයට යේසුස් “එන්නේ” හෙවත් පැමිණෙන්නේ ධර්මිෂ්ඨයන්ට යුක්තිය ඉටු කිරීමටත් දුෂ්ටයන්ට දඬුවම් කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම සඳහායි.

යේසුස්ගේ ගෝලයෙකු වූ යොහන් ඔහුගේ පැමිණීම ගැන බලා සිටියේ මහත් ආශාවෙන්. මේ බව යේසුස්ගේ පැමිණීම ගැනත් ඒ කාලයේදී සිදු වන දේවල් ගැනත් එළිදරව් කිරීමක් මගින් තොරතුරු දැනගත් පසු යොහන් කළ යාච්ඤාවකදී පැවසූ මෙම වදන්වලින් පෙනී යනවා. “ස්වාමීන් වන යේසුස්, එන්න.” (එළිදරව් 22:20) යේසුස්ගේ පැමිණීම ආශාවෙන් බලා සිටිය යුතු දෙයක් නම් ‘පොළොවේ සියලු ගෝත්‍ර ඔහු නිසා ශෝකයෙන් පපුවට ගසාගන්නේ’ ඇයි? “සියලු ඇස්” ඔහුව දකින්නේ කෙසේද? යේසුස් පැමිණෙන්නේ ඇයි? ඔහුගේ පැමිණීම ගැන විශ්වාසයෙන් යුතුව බලා සිටින අය දැන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ඊළඟ ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන්.